සුළඟ

testwiki වෙතින්
Jump to navigation Jump to search
සිඟිති-රූපයක් තැනීමෙහිදී ඇතිවූ දෝෂය:
Tacuinum Sanitatis හි සුළගේ නිරූපණය
ගොනුව:Bride and groom cropped.jpg
මඳ සුළගේ එසවී යන මනමාලියක ගේ මුහුණු ආවරණය

සුළඟ හෙවත් හුළඟ යනු විශාල ප්‍රමාණයෙන් වායුන්ගේ සිදුවන ගලා යාමයි. වැඩි පීඩනයක සිට අඩු පීඩනයකට වාතය ගලයි. පෘථිවිය මතුපිට සුළඟ සමන්විත වන්නේ වාතයේ සිදුවන් විශාල සංචලනයන්ගෙන්ය. සුළඟ සාමාන්‍යයෙන් වර්ග කරනු ලබන්නේ, අවකාශමය පරිමාණය,වේගය,සුළඟ මත ඇතිවන බලපෑම, සුළඟ හට ගන්නා ප්‍රදේශය සහ සුළඟේ ප්‍රථිඵලය යන කරුණු මතය. අපගේ සෞර ග්‍රහ මණ්ඩලය තුල ප්‍රබල වශයෙන් සුළං පවත්නා ග්‍රහලෝක වනුයේ, නෙප්චූන් සහ සෙනසුරු ය. සුළඟ විවිධාකාර ලක්ෂණයන්ගෙන් සමන්විතය,වැදගත් ලක්ෂණය වන්නේ සුළඟේ ප්‍රවේගයයි,තවද සුළඟේ සමන්විත වායු ඝනත්වය සහ සමන්විත ශක්ති ධාරිතාවද සැලකිල්ලට ගනී.

කාළගුණ විද්‍යාවේදී, සුළං බොහෝවිට කාණ්ඩ කරනු ලබන්නේ සුළං වල ශක්තිය මත සහ සුළං හමන දිශානතිය අනුවය.වේගයෙන් හමන කෙටි සුළඟ සුළං පහර වේ. කෙටි කාල පරතරයක් අතරතුර (මිනිත්තුවක් පමණ )හමන දැඩි සුළඟ හදිසි කුණාටුව වේ.විශාල කාල පරාසයක් තුල ඇති වන සුළං හැදින්වීමට විවිධාකාර නම් ඇත. එම නාමයන් නිර්මාණය කිරීමට සුළගේ සාමාන්‍ය ශක්තිය පදනම් කර ගනී. එම නාමයන් වන්නේ මඳ සුළඟ, චණ්ඩ මාරුතය, කුණාටුව,වා සුළිය (හරිකේන්) සහ ටයිපුන් වේ. විශාල පරිමාණයේ වායුගෝලීය සංරචනයන් ඇති වීමට හේතු කාරක වන්නේ සමකය සහ ධ්‍රැව අතර තාපය වෙනස් වීමේ අන්තරය සහ පෘථිවියේ පරිභ්‍රමණයයි.

පුරාණ මානව ශිෂ්ඨාචාරයන් හිදී , සුළඟ දේවත්වයෙන් පුද කරනු ලැබිය.එලෙසම ඈත අතීතයේ සිට වර්තමානය තෙක් සුළගේ ප්‍රයෝජන විවිධාකාර කටයුතු සදහා යොදා ගනී.එනම් , බල ශක්ති මුලාශ්‍රයක් ලෙස, විනෝද කටයුතු වලට, කාර්මික කටයුතු වැනි විවිධාකාර කටයුතු සදහා සුළඟ යොදා ගනී.

හේතුව

ගොනුව:10 PM March 12 surface analysis of Great Blizzard of 1888.png
1888 දී ඇතිවූ උග්‍ර හිම කුණාටුවේ මතුපිට විශ්ලේෂණය. විශාලතර සම පීඩන ස්ථාන පෙනුම් කරන වර්ග ප්‍රමාණය හරහා විශාල සුළං නිරූපණය කරයි.

සුළඟ ඇති වීමට හේතු වන්නේ වායුගෝලීය පීඩනයේ ඇතිවන වෙනස් වීමයි. වායුගෝලීය පීඩනයේ වෙනස් වීම් ඇතිවන විට වාතය වැඩි පීඩනයේ සිට අඩු පීඩනය දක්වා විවිධාකාර වේගයන්ගෙන් ගමන් කරයි.භ්‍රමණය වන Coriolis effect (කොරියෝලිස් බලපෑම)තුලින් වාතය තව දුරටත් අපගමනය කිරීම සිදුවේ.ගෝලීය වශයෙන් ප්‍රධාන සාධක 02 ක් විශාල ප්‍රමාණයේ සුළං ඇතිවීමට බලපායි (වායුගෝලීය සංසරණය) එම සාධක 02 ක වන්නේ සමකය සහ ධ්‍රැව අතර තාපය වෙනස් වීමේ ආන්තරය (සුර්ය ශක්තිය අවශෝෂණය කරගැනීමේ විෂමතාවය ජලයේ පාවිමේ හැකියාවට මග පෙන්වයි ) සහ පෘථිවියේ පරිභ්‍රමණයයි. පෘථිවි පෘෂ්ඨ තලය ආසන්නයේදී, ඝර්ෂණය හේතු කොට ගෙන සුළගේ අඩාල වීමක් පෙන්නුම් කරනු ලබයි.මතුපිට ඝර්ෂණය, අඩු පිඩනයක් සහිත ප්‍රදේශයන් හි අභ්‍යන්තරයට වැඩිවශයෙන් සුළං ගමන් කරවීම සිදු කිරීමට හේතුවක් වේ.[1]

සුළඟ නිර්වචනය කිරීමට යොදාගන්නා භෞතික බලයන් ගේ සමතුලිතතාවය යොදා ගැනීම හරහා සුළගේ ආකෘතිය වියෝජනය කිරීමට සහ විශ්ලේෂණය කිරීම සිදු කරයි.ඒ තුලින් වායුගෝලීය ගති චලන සමීකරණය අවබෝධය පහසු කරන අතරම සිරස් හා තිරස් ලෙස සුළගේ පැතිරීම පිලිබදව ගුණාත්මක තර්කයක් ලබා ගැනීමට හැකිවේ.






මිනුම

සිඟිති-රූපයක් තැනීමෙහිදී ඇතිවූ දෝෂය:
අනිලමානය
ගොනුව:Occluded mesocyclone tornado5 - NOAA.jpg
මධ්‍යම ප්‍රමාණයේ ටෝනාඩෝවක් (Oklahoma, මැයි 1999)

සුළගේ දිශාව සාමාන්‍යයෙන් ප්‍රකාශ කරනු ලබන්නේ සුළඟ හටගත් දිශාව පදනම් කරගෙනය. උදාහරණයක් ලෙස උතුරු සුළඟ හමා යන්නේ උතුරේ සිට දකුණටය.[2] සුළං දිශා දර්ශකයක් මගින් සුළඟේ දිශාව හදුනාගත හැකිය.[3] ගුවන්තොටුපලේ දක්නට ලැබෙනා Windsock මගින් සුළඟේ දිශාව දැක්වීමට හා සුළඟේ වේගය තක්සේරු කිරීමද සිදු කරයි.[4] සුළඟේ වේගය මැනීම අනිලමානය මගින් සිදු කරයි. පර්යේෂණ කටයුතු වලදී විශාල මිනුම් වාර ගණනක් අවශ්‍ය වූ විට අතිධ්වනිය තරංගයන් හි ප්‍රචාරණ වේගය හෝ රත්වූ කම්බියක ප්‍රතිරෝධය තුලින් හට ගන්නා වාතාශ්‍රය මගින්ද සුළඟ මැනීම් කරයි. [5]




සුළඟේ බලපෑමේ ප්‍රමාණය

අතීතයේ සිට බියුෆෝර්ට් සුළං බල පරිමාණය නිරීක්ෂණ සහ නිගමන පාදක කරගනිමින් සාගරයේ තත්වය නිරීක්ෂණය මගින් සුළගේ වේගය පිළිබදව විස්තරයක් ලබා දෙන ලදී. ආරම්භයේදී එය අඩි 13 ක ප්‍රමාණයක් විය. නමුත් වර්ෂ 1940 වන විට මිනුම් ප්‍රමාණය අඩි 17 දක්වා ප්‍රසාරණය විය.[6] පොදුවේ විවිධාකාර වේගයන්ගෙන් හමා යන සුළං හැඳින්වීමට විවිධාකාර නාමයන් ඇත. එනම් මඳ සුළඟ, චණ්ඩ මාරුතය, කුණාටුව, වා සුළි (හරිකේන්) සහ ටයිපුන් වේ. බියුෆෝර්ට් පරිමාණය අනුව, චණ්ඩ මාරුතයන් පවතින්නේ නාවික සැතපුම් 28 (52 km/h) සහ නාවික සැතපුම් 55 (102 km/h) අතරතුරය. චණ්ඩ මාරුත ප්‍රභේදන ඛාණ්ඩයන්ගේ ශක්ති ප්‍රමාණයන්, පෙර සඳහන් කළ වේග ප්‍රමාණයන්ට අනුව මත මධ්‍යස්ථ, නැවුම්, ශක්තිමත් සහ පරිපූර්ණ ලෙස වර්ගීකරණය කළ හැකි.[7] කුණාටුවන් හි සුළං ප්‍රබලත්වය නාවික සැතපුම් 56 (104 km/h) සිට නාවික සැතපුම් 63 (117 km/h) ක් දක්වා පමණ වේ.[8] නිවර්තන වා සුළි හදුන්වන පාරිභාෂික වචන මාලාවන් ගෝලීය වශයෙන් කලාපයෙන් කලාපයට වෙනස් වේ. පහත දැක්වෙන්නේ ලොවපුරා කලාපීය කාලගුණ විද්‍යාත්මක විශේෂ මධ්‍යයස්ථාන යොදා ගන්නා වර්ගීකරණයන්ගේ සාරාංශයකි.

සාමාන්‍ය සුළගේ වර්ගකිරීම නිවර්තන වා සුළියේ වර්ගකිරීම ( සෑම සුළඟක්ම සාමාන්‍යයෙන් විනාඩි 10 ක් පමණ පවතී)
Beaufort scale විනාඩි 10 ක් පවත්නා සුළං (නාවික සැතපුම් ) සාමාන්‍ය ව්‍යහාරය[9] උතුරු ඉන්දියානු සාගරය
[IMD]
නිරිතදිග ඉන්දියානු සාගරය
MF
ඔස්ට්‍රේලියානු කලාපීය
දකුණු ශාන්තිකර සාගරය
[BoM], BMKG, FMS,MSNZ
වයඹ දිග ශාන්තිකර සාගරය
JMA
වයඹ දිග ශාන්තිකර සාගරය
JTWC
ඊසාන දිග ශාන්තිකර සාගරය සහ
උතුරු අත්ලාන්තික් සාගරය
NHC සහ CPHC
0 <1 නිශ්චල අව පීඩන කලාපය නිවර්තන කැරැල්ල අඩු නිවර්තන
නිවර්තන අවපීඩනය
නිවර්තන අවපීඩනය නිවර්තන අවපීඩනය නිවර්තන අවපීඩනය
1 1–3 සැහැල්ලු සුළං
2 4–6 සැහැල්ලු මඳ සුළං
3 7–10 මෘදු මඳ සුළං
4 11–16 මධ්‍යස්ත මඳ සුළං
5 17–21 නැවුම් මඳ සුළං අවපාතය
6 22–27 වේගවත් මඳ සුළං
7 28–29 මධ්‍යස්ථ චණ්ඩ මාරුතය බලවත් අවපීඩනය නිවර්තන අවපීඩනය
30–33
8 34–40 නැවුම් චණ්ඩ මාරුතය වා සුළිමය කුණාටුව මධ්‍යස්ථ නිවර්තන කුණාටුව නිවර්තන වා සුළිය (1) නිවර්තන කුණාටුව නිවර්තන කුණාටුව නිවර්තන කුණාටුව
9 41–47 ප්‍රබල චණ්ඩ මාරුතය
10 48–55 පරිපූර්ණ චණ්ඩ මාරුතය උග්‍ර වා සුළිමය කුණාටුව උග්‍ර නිවර්තන කුණාටුව නිවර්තන වා සුළිය (2) උග්‍ර නිවර්තන කුණාටුව
11 56–63 කුණාටුව
12 64–72 හරිකේන් ඉතා උග්‍ර වා සුළිමය කුණාටුව නිවර්තන වා සුළිය උග්‍ර නිවර්තන වා සුළිය (3) ටයිපුන් ටයිපුන් හරිකේන් (1)
13 73–85 හරිකේන් (2)
14 86–89 උග්‍ර නිවර්තන වා සුළිය (4) ඉතා විශාල හරිකේන් (3)
15 90–99 තීව්‍ර නිවර්තන වා සුළිය
16 100–106 ඉතා විශාල හරිකේන් (4)
17 107–114 උග්‍ර නිවර්තන වා සුළිය (5)
115–119 ඉතා තීව්‍ර නිවර්තන වා සුළිය විශාල ටයිපුන්
>120 සුපිරි වා සුළිමය කුණාටුව ඉතා විශාල හරිකේන්(5)

දියුණු කළ ෆුජිටා පරිමාණය

දියුණු කළ ෆුජිටා පරිමාණය (EF පරිමාණය) මගින් ඇමරිකාව පදනම් කරගෙන සිදුවූ හානිය මත ටෝනාඩෝ ප්‍රබලතාව අගය කරයි.

පරිමාණය සුළගේ වේගය සාපේක්ෂ වාරගණන වියහැකි හානිය
mph km/h
EF0 65–85 105–137 53.5% සුළු හානියක් හෝ හානි නොමැත .

සමහර නිවාසයන් හි වහල ගැලවීයාම; වැහි පීලි හට තරමක හානි සිදුවීම; ගස් වල අතු කැඩී යාම; නොගැඹුරු-මුල්සහිත ගස් ගැලවී යාම.

වාර්තා වූ හානි නොමැති බව තහවුරු වූ (එනම් එළිමහනෙහි පැවතුන) ටොර්නාඩො සැමවිටම EF0 ලෙස සැලකේ.

සිඟිති-රූපයක් තැනීමෙහිදී ඇතිවූ දෝෂය:
EF0 damage example
EF1 සැකිල්ල:Anchor 86–110 138–178 31.6% මධ්‍යස්ථ හානි.

වහල් සෙවලි දැඩි ලෙස ඉවත් වේ; ජංගම නිවාස පෙරළී යාම හෝ දැඩි ලෙස හානි වීම; භාහිර දොරවල් අලාභ හානි වීම; ජනෙල් සහ අනෙකුත් වීදුරු කැඩී යාම.

EF1 damage example
EF1 damage example
EF2 සැකිල්ල:Anchor 111–135 179–218 10.7% සැලකිය යුතු හානි.

හොඳින් ඉඳි කළ නිවාස වහල ඉරී යාම; නිවාස අත්තිවාරම් ගෙලවී යාම; ජංගම නිවාස සම්පුර්ණයෙන් ගෙලවී යාම; විශාල ගස් මුලිනුපුටා යාම; ආලෝක ප්‍රභව ස්වයංක්‍රීයව දැල්වී යාම; රථ වාහන පොළවෙන් ඉවත් වී යාම.

EF2 damage example
EF2 damage example
EF3 සැකිල්ල:Anchor 136–165 219–266 3.4% උග්‍ර හානි.

හොඳින් ඉදි කළ මහල් නිවාස මුළුමනින්ම විනාශ වී යාම; සාප්පු සංකීර්ණ වැනි විශාල ගොඩනැගිලි සඳහා උග්‍ර හානි; දුම්රිය රථ පෙරළී යාම; ශාක පොතු ගැසීම; බර වාහන පොළවෙන් එසවී විසිවී යාම; දුර්වල අත්තිවාරම් සහිත ගොඩනැගිලි ව්‍යුහ සඳහා බරපතල හානි.

EF3 damage example
EF3 damage example
EF4 සැකිල්ල:Anchor 166–200 267–322 0.7% අතිශය හානි.

හොඳින් ඉදි කළ නිවාස මුළුමනින්ම තැනිතලා වීම; මෝටර් රථ සහ අනෙකුත් විශාල වස්තුන් විසි වී යාම.

EF4 damage example
EF4 damage example
EF5 සැකිල්ල:Anchor >200 >322 <0.1% මුළුමනින්ම සිදුවන විනාශය.

ශක්තිමත් රාමු සහිත, හොඳින් ඉදි කළ නිවාස තැනිතලා වී අත්තිවාරම් විසි වී යාම; වානේ යෙදු කොන්ක්‍රීට් රාමු දරුණු ලෙස විනාශ වීම; උස් ගොඩනැගිලි ඇද වැටීම හෝ උග්‍රව ව්‍යුහය විකෘර්ති වීම.

EF5 damage example
EF5 damage example

ස්ථානීය නිරූපණය

සිඟිති-රූපයක් තැනීමෙහිදී ඇතිවූ දෝෂය:
ස්ථානීය නිරූපණය තුළ සුළගේ පිහිටුවීම

ස්ථානීය නිරූපණ ක්‍රමය මඟින් කාලගුණ සිතියම් මතුපිට සුළං දිශාව හා වේගය දැක්වීමට සුළං ඇමුනුම් කටු යොදාගනී. එම කටු එහි අග පිහිටි කොඩි යොදා ගනිමින් වේගය නිරූපණය කෙරේ.

ඇමුනුම් කටුව මුහුණ පා සිටින දිශාව අනුව සුළඟේ හමා යාම නිරූපණය කරනු ලබයි. එම නිසා, ඊසානදිග සුළං නිරූපණය කරනු ලබන්නේ නිරක්ෂ රේඛාව වලාකුළ වෘත්තයේ සිට ඊසානදිග ට දීර්ඝ කිරීමෙනි. මෙම නිරක්ෂ රේඛාවේ අවසාන කෙළවර හරහා ඇති කොඩි මගින් සුළඟේ වේගය නිරූපණය කරනු ලබයි.[11] වරක් සිතියම් ගතකල සැනින්, සමවේග රේඛා (සමාන සුළං ප්‍රවේග යා කරන ලද රේඛා) වල විශ්ලේෂණයක් සිදු කළ හැක. සමවේග රේඛා, ඉහල මට්ටමේ- නියත පීඩන සටහන් වල කළු පුළිඟු ධාරා ඇති වන ස්ථාන නිර්ණය කිරීම සඳහා ඉවහල් වන අතර, සාමාන්‍යයෙන් 300hPa ක් හෝ එයට වැඩි අගයන් සඳහා යොදා ගැනේ.[12]

සුළං බලය

සුළං බලය යනු, සුළඟ හැමිමේ දී ඇතිවන චාලක ශක්තියයි. vප්‍රවේගයකින් චලනය වන සුළං m ස්කන්ධයක ඇති චාලක ශක්තිය ½ m v2 යන සුත්‍රයෙන් ලැබේ. ප්‍රවේගයට ලම්බ වූ A වර්ගඵලයක් (තලබමරයක භ්‍රමණ වර්ගඵලය) හරහා ගමන් කරන්නා වූ සුළං ප්‍රමාණයක ස්කන්ධය සෙවීම සඳහා පහත සමීකරණය භාවිතා කළ හැක. m = A v t ρ.

m= සුළං ප්‍රමාණයේ ස්කන්ධය
A = වේගයට ලම්බ වූ වර්ගඵලය
v = සුළගේ ප්‍රවේගය
t = A වර්ගඵලය හරහා සුළඟ ගමන් කිරීමට ගත වූ කාලය
ρ = සුළගේ ඝනත්වය

ඉහත සමීකරණයෙන් A වර්ගඵලයක් හරහා t කාලයක් තුළ v ප්‍රවේගයකින් ගමන් කළ ρ ඝනත්වයක් ඇති සුළඟේ ස්කන්ධය වන m සෙවිය හැක. එම ස්කන්ධය යොදා ගනිමින් සුළඟේ සම්පුර්ණ ශක්තිය සෙවිය හැක:

E=12ρAv3t

කාලය විශයෙන් අවකලනය කිරීමෙන්, සම්පුර්ණ සුළං ශක්තිය සඳහා පහත සමීකරණය ලැබේ.

P=dE/dt=12ρAv3

එනයින් සුළං ශක්තිය, සුළඟේ ප්‍රවේගයේ 3 වන බලයට අනුලෝමව සමානුපාතිකවන බව කිව හැක.

සෛධාන්තික සුළං තල බමරයක් මඟින් ලබා ගන්නා බලය

සුළඟේ ප්‍රවේගය ශුන්‍ය දක්වා අඩු වූ විට සම්පුර්ණ සුළං බලය ලබා ගත හැකිය. තාත්වික සුළං ටර්බයිනයන් වලදී, ගහනය කරගත් සුළං තල හරහා ගමන් කළ යුතු බැවින් මෙය කළ නොහැකි ක්‍රියාවකි. නියත වශයෙන් ම ආදාන හා ප්‍රතිදාන ප්‍රවෙගයන් අතර සම්බන්ධය සැලකිය යුතුවේ. නළ ධාරා සංකල්පය භාවිතයෙන් සුළං ටර්බයිනයකට ලබා ගත හැකි උපරිම ශක්ති නිස්සරණය, සම්පුර්ණ සෛධාන්තික සුළං ශක්ති ප්‍රමාණයෙන් 59% කි.[13] (Betz' law බලන්න).

ප්‍රයෝගික සුළං තල බමරයක් මඟින් ලබා ගන්නා බලය

භ්‍රමණ තලයේ ඝර්ෂණය සහ ආකර්ෂණය, මෙවලම් අතර සිදුවන ශක්ති හානි, ශක්ති උත්පදනයන් හා ශක්ති පරිවර්තනයන් වැනි තවත් ශක්ති ප්‍රමාණවත් නොවීම් හේතුවෙන් සුළං තල බඹරයක් මඟින් ලබා දෙන ශක්ති ප්‍රමාණය අඩුවේ. මූලික සම්බන්ධතාව අනුව (ආසන්න වශයෙන්) ටර්බයිනයක ශක්තිය සුළඟේ වේගයේ 3 වන බලයට අනුලෝමව සමානුපාතිකාවේ.

ගෝලීය කාලගුණ විද්‍යාව

බටහිර සුළං සහ වෙළඳ සුළං
ගොනුව:Earth Global Circulation.jpg
සුළං පෘථිවියේ වායුගෝලීය සංසරණ ක්‍රියාවලියේ කොටසකි

නැගෙනහිර සුළං ප්‍රවාහයන් සාමාන්‍ය වශයෙන් ධ්‍රැව හරහා ගමන් කරයි. බටහිර සුළං පෘථිවියේ මධ්‍ය අක්ෂාංශය හරහා අර්ධ නිවර්තන කලාප තුල ධ්‍රැව දෙසට ප්‍රවාහය වේ. සෘජුවම අර්ධ නිවර්තන අතර ප්‍රවාහය වන මඳ සුළං කලාපය "ඩොල්ඩ්‍රම් තීරුව" ලෙස හඳුන්වයි. වායූ ස්කන්ධයන්ගේ ස්පෙක්ෂ ආර්ද්‍රතාවය ක්‍රමානුකුලව අඩු වන, පෘතුවියේ බොහොමයක් කාන්තාර දළ වශයෙන් මෙම අර්ධ නිවර්තන අක්ෂාංශ අතර පිහිටා තිබේ. ශීත ධ්‍රැවීය සුළං, නිවර්තන වලින් පැමිණෙන උණුසුම් සුළං හා මිශ්‍ර වන ප්‍රබල සුළං ධාරා, මධ්‍ය අක්ෂාංශ අතර ප්‍රවහයවේ.

නිවර්තන

වෙළඳ සුළං ලොව සාගර හරහා නිවර්තන වා සුළි ඇතිවීමේ ක්‍රියාවලිය මෙහයවනු ලබයි.එලෙසම වෙළඳ සුළං අප්‍රිකානු දුහුවිලි බටහිර දෙසින් අත්ලාන්තික් සාගරය හරහා කැරබියන් මුහුද ට ගෙනයාමේ ක්‍රියාවද සිදුකරයි,එලෙසම උතුරු ඇමරිකාවේ දකුණු ප්‍රදේශයටද මෙම දුහුවිලි ව්‍යාප්ත කරයි.[14]

මෝසම් සුළං යනු සෘතුමය කාලසීමාවකදී මාස කිහිපයක් නිවර්තන කලාපයේ පැතිර පවත්නා සුළං වේ. මෙම මෝසම් සුළං කාලසීමාවේ දී ශ්‍රී ලංකාව ,ඉන්දියාව , බංගලාදේශය, පකිස්ථානය සහ අසල්වාසී රටවල් වලට මෙම සෘතුමය සුළං වලට මුහුණ දීමට සිදුවේ. මෙම මෝසම් සුළං ඉන්දියානු සාගරය හා අරාබි මුහුද හරහා හමා එන විට දකුණු පෙදෙසට තදබල වර්ෂාවක් ලබා දේ.[15] [16][17][18]

බටහිර සුළං සහ ඒවයේ බලපෑම

සිඟිති-රූපයක් තැනීමෙහිදී ඇතිවූ දෝෂය:
බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් ගේ Gulf Stream හි සිතියම

බටහිර සුළං යනු, මධ්‍ය අක්ෂාංශයේ අංශක 35 සිට 65 අතර පැතිර පවත්නා මෙම සුළං බටහිර සිට නැගෙනහිරට හඹා යයි.[19] බටහිර සුළං ශිත සෘතුවේ දී ප්‍රබලව පැවතීමට හේතු වන්නේ එම සෘතුවේ දී ධ්‍රැවයන් හි පීඩනය අඩු මට්ට්මක පැවතීමයි. එලෙසම ග්‍රීෂ්ම සෘතුවේ දී බටහිර සුළං දුර්වල මට්ටමක පවතී, එයට හේතු වන්නේ ධ්‍රැවයන් හි පීඩනය වැඩි මට්ට්මක පැවතීමයි.[20]


ධ්‍රැවීය නැගෙනහිර සුළං

ධ්‍රැවීය බටහිර සුළං, ධ්‍රැවීය හාර්ඩ්ලි සුළං ලෙසද හඳුන්වයි, සීත ලෙස පැතිර පවත්නා සුළං හමා එනු ලබ්න්නේ ධ්‍රැවයන් හි වැඩි පිඩන කලාපයේ සිට උතුර හා දකුණු කලාප හරහාය,බටහිර සුළං මෙන් නොව මෙම පැතිර පවත්නා සුළං නැගෙනහිර සිට බටහිර දක්වා හමා යයි, එලෙසම දුර්වල ලෙසත් අක්‍රමවත් ලෙසත් හමා යයි.[21] හිරු එළිය පතිත විමේ අඩුතාවයක් නිසා, වාතය සිසිල් වීමෙන් ධ්‍රැවයන් මතුපිට වැඩි පිඩන කලාපයක් නිර්මාණය කරයි.[22]

ආවේණික ප්‍රතිලාභයන්

ගොනුව:Map local winds.png
ස්ථානීය සුළං ලොව පුරාම පවතී.මෙම සුළං හට ගනු ගන්නේ ගොඩබිම රත්වීම තුලින්ය.

මුහුදු හා ගොඩබිම් සුළං

සිඟිති-රූපයක් තැනීමෙහිදී ඇතිවූ දෝෂය:
A: මුහුදු සුළං (දිවා කාලයේදී ),
B: ගොඩබිම් සුළං(රාත්‍රී කාලයේදී )

මුහුදුබඩ කලාපයේදී, මුහුදු හා ගොඩබිම් සුළං පැතිර පවත්නා සුළං ස්ථානගත කිරීමට වැදගත් කරුණක් වේ. දිවාකාලයේදී මුහුද ගොඩබිම හා සැසදීමේදී සුර්යයා මගින් උණුසුම්වීම ඉතා සෙමින් සිදු වේ, එලෙස වීමට හේතු වන්නේ ජලයේ පවත්නා විශේෂ තාපන හැකියාවයි.[23]අවට පරිසරයේ වාතය හා සැසදීමේදී උණුසුම් වාතය ඝනත්වය අඩු බවකින් යුක්ත වීම නිසා එය ඉහල යෑම සිදු වේ, මෙය සාගරයේ සිට ගොඩබිම දක්වා මිලිබාර් 02 ක පීඩනයේ අනුක්‍රමණයක් ඇති කිරීමට හේතුවේ. සිසිල් වූ වාතය මුහුදු මට්ටමට වඩා වැඩි මට්ටමකින් පවතී, සිසිල් වාතය මුහුදු මට්ටමේ වැඩි පිඩනය සමඟ ගොඩබිම දෙසට අඩු පිඩනයකින් ගමන් කරන්නේ මුහුදුබඩ කලාපය අවට ගොඩබිමට සිත සුළං ද ඇති කරමිනි.විශාල පරිමාණයේ සුළං නිශ්චල පවතින අවස්ථාවන්හිදී, මුහුදු සුළඟේ ප්‍රබලතාවය කෙලින්ම ගොඩබිම් ස්කන්ධය සහ මුහුද අතර ඇති ආන්තරයට සමානුපාතික වනු ලබයි. ගොඩබිම් සුළං නාවික සැතපුම් 8 (15 km/h) දක්වා වේගයකින් යුක්ත වන විට, මුහුදු සුළං තවදුරටත් වර්ධනය වීමක් නොපෙන්වයි.

රාත්‍රී කාලයේදී සාගරයට වඩා ඉක්මනින් ගොඩබිම සිසිල් වීමට පටන් ගනී, මෙලෙස සිදුවන්නේ විශේෂිත තාප අගයන්ගේ ඇති අසමානතාවයන් නිසාය.මුහුදේ උෂ්ණත්වයට වඩා සිසිල් බවක් ගොඩබිමේ උෂ්ණත්වය ට පවතින විටදී , ජලය මතුපිට ඇති පීඩනය ගොඩබිම මතුපිට ඇති පිඩනයට වඩා අඩු වේ. [24]

කඳු ආශ්‍රිතව

ගොනුව:Vol d'onde.svg
කඳු තරංග ආකෘතිය. සුළඟ කන්ද දෙසට ප්‍රවාහය වී පළමු දෝලනය ඇති කරයි (A). දෙවන තරංගයක් තව දුරටත් ජනිතවේ. තරංග මුදුනෙහි ඇතිවන කාචාකාර වලාකුළු (B).

එකම උන්නතංශයේ වුවද මුහුදු මට්ටමේ සිට ඇති උස වැඩිවත් ම, අවට වායුගෝලයට වඩා පොළව රත් වීම සිදුවන අතර, එහිදී භූ තලය මතුපිටින් ඒ ආශ්‍රිතව තාපජ සබඳතා නිර්මාණය වීම හෝ, පවතින සබඳතාවන් වර්ධනය වීම හෝ, කලාපය තුළ සුළං සංසරණයන් වෙනස් වීම සිදුවේ. [25][26] කඳු හා නිම්න අතර පවතින සුළං සංසරණ සුළඟ පැතිර යාමට ප්‍රධාන වශයෙන් ඉවහල් වන අතර, රළු භූ විෂමතා පතින ප්‍රදේශ එම ස්වභාවික සුළං හැමීමට බාධා පමුණුවයි. සත්‍ය වශයෙන්ම කඳු සහ නිම්න මඟින් වායුගෝලය හා භූ තලය අතර භෞතික බාධකයක් නිර්මාණය කරමින් සුළඟේ ප්‍රචාරණය වෙනස් කරන අතර, සුළං වායු ධාරා භූ තලයට සමාන්තරව උඩු දිශාවකට හරවා යෙවීම සිදු කරයි. මෙය "බාධක නික්මීම" ලෙස හඳුන්වනු ලබයි. මෙම බාධක නික්මීම හේතුකොට ගෙන අඩු මට්ටමක පවතින සුළං 45% කින් වැඩිවන අතර, [27] සුළං දිශාවද අදාළ භුමියේ සමෝච්ච පිහිටීම මත වෙනස්වේ. [28]

මීට අමතරව සුළං වේගය හා පීඩනය අතර ප්‍රතිවර්ත සබඳතාව හුවා දක්වනු ලබන "බර්නුලී මුලධර්මය" ට අනුව, යම් කඳු වළලක් අතර කපොල්ලක් පිහිටි විටදී, ඒ හරහා සුළඟ ඉතා වේගයෙන් ගමන් කෙරේ. මේ නිසා සුලඟෙහි ආකුල බවක් හා අස්ථිර බවක් යම් දුරක් දක්වා තැනිතලා ප්‍රදේශ තුළ සංවර්ධනයවේ. මෙම තත්වය ගුවන් යානා වල ආරෝහණයට හා අවරෝහනයට විශාල අවදානමක් ගෙන දේ. කඳු කපොලු අතරින් ත්වරණය වන සිසිල් සුළං ධාරා වලට ඒ ඒ ප්‍රදේශයන්ට අනුව නම් ලබාදී ඇත. උදාහරණ ලෙස මධ්‍යම ඇමරිකාව තුළ පවතින පැපගායෝ සුළඟ හා පැනමා සුළඟ ද, යුරෝපය තුළ පවතින බෝරා, ට්‍රැමොන්ටේන් සහ මිස්ට්‍රල් සුළඟ ද ගෙනහැර දැක්විය හැක. මෙම සුළං විශාල ජල ස්කන්ධයන් මතින් හැමීමේදී සාගර වල මතුපිට ස්ථර හා මිශ්‍ර වීමෙන් සිසිල් බව ඉහල යන අතර, පෝෂක ද්‍රව්‍ය ද එකතු වීම හේතුකොට ගෙන, ජලීය වශයෙන් ද පරිසරයද සාරවත්වේ.[29]

කඳු ප්‍රදේශ තුළ, සුළං ප්‍රවාහයන්ගේ මුලික වෙනස් වීම උග්‍රවේ. කඩතොළු වූ භූ තලයන්ගේ බලපෑමෙන්, මුදුනෙහි කාචාකාර වලාකුළු සහිත බ්‍රමක වැනි පෙර නිශ්චය කල නොහැකි සුළං රටා- ආකුලයන් නිර්මාණයවේ. ශක්තිමත් උඩුසුළං, යටිසුළං, සුළි යනාදිය කඳු ශිඛර අසල හෝ පහත නිම්න අසල වර්ධනයවේ. විශාල වශයෙන් කඳු අසල ජාල වශ්පයන්ගේ ඇතිවන ස්ථිරතාපී වාෂ්පීභවනය, සිසිලනය හා ඝනීභවනය නිසා කඳු පන්ති අසල සුළං හමන පෙදෙසේ කඳු වැසි හට ගනී. කඳු හරහා පහළ උන්නතාංශයන් වෙත ප්‍රවාහය වන සුළං, "යටි බෑවුම් සුළං" ලෙස හඳුන්වනු ලැබේ. සාමාන්‍යයෙන් මේවා උණුසුම් හා වියළි වන අතර යුරෝපයේ ඇල්ප්ස් කඳු වැටිය පාමුල මේවා "ෆෝහන්" ලෙසද, පෝලන්තයේ "halny wiatr" ලෙසද, ආර්ජන්ටිනාවේ "සොන්ඩා" ලෙසද, ජාවාහි "කොඑන්බැන්" ද, නවසීලන්තයේ "නොවස්ට් ආර්ක්" ද හඳුන්වයි. කැලිෆෝනියාව තුළ මෙම යටිබෑවුම් සුළං කඳු කපොලු හරහා පුනීලගත කරන අතර, "සැන්ටා ඇනා" එයට නිදසුනකි. තවද, යටිබෑවුම් සුලඟෙහි ප්‍රවේගයට පැයට කිලෝමීටර 160 (99 mph) ඉක්මවා යා හැක.[30]

සාමාන්‍ය සුළඟේ වේගය

පෙර සඳහන් කල පරිදි, සුළං වේගය අදාල ප්‍රදේශය අනුව වෙනස් වන බැවින් "පැතිරී පවත්නා සුළං" මෙන්ම "ස්ථානිය සුළං" ද පෘතුවිය මතුපිට ඒකාකාරීව පැතිරී නොපවතියි. තවදුරටත් කිවහොත්, සුළඟේ වේගය උන්නතාංශය සමග වැඩිවේ.

සුළං බලයේ ඝනත්වය

වර්තමානයේදී, සුළං බල වර්ධනය ඉහළ ප්‍රදේශ නිර්ණය කිරීම සඳහා යොදා ගනු ලබන මිම්ම, සුළං බල ඝනත්වය (wind power density- WPD) ලෙස හැඳින්වේ. එය යම් කාල පරිච්ඡේදයක් තුල භූමි මට්ටමට ඇති උන්නතාංශය ඇසුරෙන් ප්‍රකාශ කරනු ලබන, යම් ප්‍රදේශයක සුළගේ ක්‍රියාකාරී බලය හා සම්බන්ධිත ගණිතමය ප්‍රකාශනයකි. එමඟින් සුළං බල ඝනත්වය නිර්ණය කිරීම සඳහා, සුළං ප්‍රවේගය සහ එහි ස්කන්ධය යොදා ගනු ලබයි. මෙය සිතියම් ගත කිරීම සදහා වර්ණ වලින් නිරූපිත සිතියම් යොදා ගත හැක ( උදාහරණයක් ලෙස, "මිටර් 50 පරාස තුළ සාමාන්‍ය වාර්ෂික සුළං බල ඝනත්වය" ). ජාතික බල පුනර්ජනනය කිරීමේ මධ්‍යස්ථානය මඟින් ප්‍රකාශිත දර්ශකයක් ඇසුරින් ඉහත ගණිතමය ප්‍රකාශනය "NREL පන්තිය" මඟින් ඉදිරිපත් කෙරෙන අතර, ඒ අනුව ඉහළ සුළං බල ඝනත්වයන් ඉහළ පන්ති මඟින් නිරූපණය කෙරේ.[31] 2008 වර්ෂය අවසානයේදී ලොව පුරා සුළඟෙන් බල ගැන්වූ උත්පාදක යන්ත්‍රයන් හි නාමික ධාරිතාව ගිගාවෝට්ස් 120.8 කි.[32] ලොවපුරා විද්‍යුත් භාවිතයෙන් 1.5% පමණක් සුළඟෙන් නිෂ්පාදනය වුවද, එය 2005 සිට 2008 දක්වා තෙවසරක් තුළ දෙගුණ වෙමින් සීඝ්‍රයෙන් වර්ධනය විය. සමහර රටවල් කිහිපයක් තුළ මෙහි සාපේක්ෂ ඝනත්වය ඉහළ ගිය අතර, එය 2008 වසරේදී ගණිතමය වශයෙන් ආසන්නව- ඩෙන්මාර්කය තුළ 19% ක විදුලි නිෂ්පාදනයක් ද, ස්පාඤ්ඤය සහ පෘතුගාලය තුළ 10% ක් ද, ජර්මනිය සහ අයර්ලන්තය තුළ 7% ක් ද විය. තවත් අධ්‍යනයකින් පෙන්වා දෙනුයේ, වර්තමානය වන විට මුළුමනින්ම ප්‍රතිචක්‍රීකරණය කල හැකි ශක්ති සැපයුමෙන් 70% ක් ම සුළං බලාගාර වලට එක් කරන ලද HVDC අධිජාල මත යැපෙන බවයි.[33]

ගලා යාමේ හැකියාව

ගොනුව:Hodographe NOAA.PNG
සුළං අනුක්‍රමණය නිර්ණය කිරීම සඳහා පරිවර්ති ගෝලයේ විවිධ උන්නතාංශයන්ට එදිරිව සුළං දෛශික ප්‍රස්ථාර ගත කරන ලද ත්වරණ ප්‍රස්ථාරය

"ගලා යාමේ හැකියාව" හෙවත් "සුළං අනුක්‍රමණය" යනු, පෘථිවී වායුගෝලය තුල ඉතා කුඩා දුරකට සාපේක්ෂව සුලඟෙහි ප්‍රවේගයේ සහ දිශාවේ වෙනස් වීමයි.[34] මෙම සුළං අනුක්‍රමණය ප්‍රධාන වශයෙන් සිරස් සහ තිරස් යනුවෙන් දෙආකාර වන අතර, කාළගුණ තත්වයන් අභිමුඛයේ සහ වෙරළාසන්නයේ තිරස් සුළං අනුක්‍රමණයන් ද,[35] පොළොව ආසන්නයේ සිරස් සුළං අනුක්‍රමණයන් ද දැක ගත හැක, [36] මෙය වායුගෝලය තුල ඉතා ඉහල ස්ථර තුලදී ද පොදු ලක්ෂණයකි.[37]

සුළං ගලා යාම මයික්‍රෝ පරිමාණයේ කාළගුණ විද්‍යාත්මක සංසිද්ධියක් වුවද එයට සැඩ සුළං වැල්, ශීත හිම වැසි වැනි මධ්‍ය හා අති විශාල පරිමාණයන්ගෙන් සිදුවන කාළගුණ තත්වයන් සමඟ ද ක්‍රියාකාරී විය හැක. සාමාන්‍යයෙන් මෙම සුළං අනුක්‍රමණයන් ගිගුරුම් සහිත කුණාටු [38] සමඟ හටගන්නා පොළව දෙසට ඇතිවන පටු සිරස් වායු ධාරා සහ විවිධ දිශාවන්ට ඇති වන සුළි ධාරා සමඟ, කාලගුණ වෙනස්වීම් සමඟ, පහළ මට්ටමේ වැහි පුලිඟු හට ගන්නා උස් හා පහත් මට්ටමේ සුළං ප්‍රදේශ තුල, විශාල කඳු ප්‍රදේශයන් අතර, පැහැදිලි අහස හා නිශ්චල සුළං නිසා ඇතිවන විකිරක අපවර්තන සමඟ, උස් ගොඩනැගිලි අසල,[39] සුළං ටර්බයින [40] හා රුවල් නැව් [41] අසල නිරීක්ෂණය කළ හැක. තවද ගුවන් යානා ගොඩබැස්සවීමේදී හා ගුවන්ගත කිරීමේදී යානය හැසුරුවීම සඳහා [42]මෙම සුළං අනුක්‍රමණ බෙහෙවින් ඉවහල් වන අතර, ගුවන් යානා අනතුරු වලදී සිදුවන මෙහි ඉමහත් බලපෑම හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය තුල විශාල මරණ සංඛ්‍යාවක්ද වාර්තා විය.

ඉහත සාකච්ඡා කරන ලද සුළං අනුක්‍රමණ හෙවත් ගලා යාමේ හැකියාව හේතුවෙන්, සුළඟට ධ්වනි තරංග සමඟ වඩාත් නිරවද්‍ය සංඛ්‍යාතයකින් පහසුවෙන් කම්පනය විය හැක. මෙහි ප්‍රතිපලයක් ලෙස ධ්වනි තරංග වැඩි දුරක් ගලා යන අතර, ධ්වනිය වැඩි ඈතකට විහිදේ. පරිවර්තී ගෝලය තුල ඇතිවන ශක්තිමත් සිරස් සුළං අනුක්‍රමණ මඟින් නිවර්තන සුළි සුළං [43] සඳහා බාධා පමුණුව ද, තනි වශයෙන් හට ගන්නා ගිගුරුම් සහිත කුණාටු වලට ඉතා උග්‍ර කාලගුණ තත්වයන් නිර්මාණය කළ හැකි දිගු කුණාටු චක්‍ර දක්වා වර්ධනය වීමට උපකාරීවේ.[44] තාප සුළං ධාරා සංකල්පය මඟින් උන්නතාංශය සමඟ වෙනස් වන සුළං ප්‍රවේගයන් තිරස් උෂ්ණත්ව විෂමතාවන් සමඟ වෙනස් වන ආකාරය ද, කළු පුලිඟු ධාරා හට ගන්නා අකාරය ද පැහැදිලි කළ හැක.[45]

සුළගේ භාවිතයන්

ඉතිහාසය

ගොනුව:AristotelesCompass.PNG
ඇරිස්ටෝටල් ට අනුව සුළඟේ නිරූපණය .

ස්භාවික ශක්තියක් වන සුළඟට අතීතයේදී දේවත්වයෙන් පුදකිරීම සිදු කරනු ලැබිය, එලෙසම සුළඟ අද්භූත සංසිද්ධීයක් ලෙස සමහර සංස්කෘති විශ්වාසය කළා. වායු යනු සුළඟට අධිපති හින්දු දෙවියාය.[46][47] ග්‍රීක සුළං දෙවිවරුන් ලෙස Boreas, Notus, Eurus සහ Zephyrusනම් වේ.[47] Aeolus, අර්ථ කථනය කරනු ලබන්නේ සතර සුළඟට අධිපති හෝ භාරකාර දෙවියන් හැටියටය, සන්ධ්‍යාවට අධිපති දෙවියන් වන Astraeus සතර සුළඟේ පියා ලෙස හදුන්වයි. ඇතැන්ස් වල පිහිටි සුළං කුලුනේ සාක්ෂි වලට අනුව පුරාණ ග්‍රීකවරුන් සුළං වල සෘතුමය වෙනස්වීම් පිලිබදව නිරීක්‍ෂණය කර තිබේ.[47] Venti යනු සුළඟට අධිපති රෝමානු දෙවියන්ය [48] Fūjin යනු ජපානයේ සුළඟට අධිපති දෙවියන් වන අතර ඔහු ෂින්ටෝ දෙවියන් අතර වැඩිමහල් දෙවියෙක්ද වේ. පුරාවෘත්තයන්ට අනුව Fūjin දෙවියන් විසින් ලෝකයේ නිර්මාණය සිදුවූ අවස්ථාවේදී ප්‍රථමයෙන්ම තම මල්ලෙන් සුළඟ පිටතට ගෙන අඳුරු ලෝකය පැහැදිලි කල බව කියවෙයි.[49][50]

Kamikaze (神風) යනු ජපන් වචනයක් වන අතර, පරිවර්තනය කල විට දිව්‍යමය සුළඟක් යන තේරුම ලබා දෙන අතර, එය දෙවියන්ගෙන් ලැබෙන ත්‍යාගයක් ලෙස සලකයි. මෙලෙස ජපන් වැසියන් දෙවියන්ගෙන් ලැබෙන ත්‍යාගයක් ලෙස සුළඟ හැඳින්වීමට හේතුවී ඇති කරුණු වන්නේ, කලින් සඳහන් කර ආකාරයේ සුළං යුගලයක් හෝ මාලාවක ටයිපුන් හමා යාම තුළින් කුබ්ලී ඛාන් මෙහෙයවන ලද මොන්ගෝල් බළඇණි වලින් ජපානයට 1274 දී සහ 1281 දී ඇතිවීමට ගිය ආක්‍රමණයන් දෙකකින් වැලකී යාමෙන් ජපානය ආරක්ෂා විය.[51] රෙපරමාදු සුළඟ නම් වූ කුණාටුව මගින් 1588 දී එංගලන්තය ආක්‍රමණය කොට යුද්ධයට සැරසුණු ස්පාඤ්ඤ නැව් සමූහය අධෛර්යට පත් කරන ලදී, මෙම සුළඟ එහිදී ප්‍රධාන භූමිකාවක් බවට පත් විය.[52]

ප්‍රවාහන කටයුතු සදහා

ගොනුව:Exeter-20may44.jpg
RAF Exeter ගුවන් තොටුපොල 1944 මැයි 20 දී, ගුවන් යානා වලට ගුවන්ගත විය හැකි ධාවන පථ නිරුපණය කෙරේ.

නැවක් යාත්‍රා කරවීමට විවිධාකාර ක්‍රමයන් තිබේ,නමුත් ඒ ක්‍රම සියල්ලන්ගේම මූලික පියවරයන් සමාන වේ. Magnus effect යොදා ගන්නා බ‍මන තල සහිත නැව් හැරුණු කොට සෑම නැවක් ම යාත්‍රා කිරීමට නැව් කඳ ට සම්බන්ධව රුවල් සහ රුවල් රදවා ගැනීමට අඩුම තරමේ එක් කුඹ ගසක් වත් තිබ්ය යුතු වන්නේ නැවට යාත්‍රා කිරීමට අවශ්‍ය සුළං බලය සපයා ගැනීමටයි..[53] නැව් වලින් සාගරයේ යාත්‍රා කිරීමට මාස ගණනාවක් ගත වේ, මෙලෙස රුවල් නැව් වලින් ගමන් කිරීමේදී ඇතිවන පොදු උවදුරු වන්නේ සුළං බලය අඩු වීම නිසා යාත්‍රාව නිශ්චල වීම [54] හෝ තදබල සුළං පහරවල් මගින් යාත්‍රාව නිශ්චිත ගමන් මාර්ගයෙන් ඉවතට දැමීමට ලක්වේ. එලෙසම දරුණු කුණාටු යාත්‍රා දියබත් කර දැමීමටත් කටයුතු කරයි.[55] යාත්‍රා කරන නෞකාවකට ගෙනයාමට හැකි නිශ්චිත සැපයුම් ප්‍රමාණයක් ඇත,එම නිසා නෞකාවක් දීර්ඝ යාත්‍රා කිරීම් සිදු කරනා විටදී ඒ සදහා අවශ්‍ය ප්‍රමාණවත් කෑමබිම සහ අනෙකුත් කළමනා ගබඩා කරගත යුතුය. විශේෂයෙන්ම පිරිසිදු ජලය පිලිබදව වැඩි සැලකිලක් දැක්විය යුතුය.[56]

වායුගතික ගුවන්යානා වාතයට සම්බන්ධව කටයුතු කරයි.ගුවන්තොටුපොල් හි ගුවන්යානා වල දිශාව තීරණය කිරීමේ කටයුත්තට ධාවන පථයන් හී මතුපිට සුළඟේ ප්‍රවේගය වැදගත් කරුණක් වේ.


බල ශක්ති මූලාශ්‍රයක් ලෙස

ගොනුව:Windenergy.jpg
සුළං ටර්බයිනය මගින් සුළං බලය හරහා විදුලිබලය ජනනය කරනු ලබයි.

පුරාතන ශ්‍රී ලංකාවේ අනුරාධපුර පෞරාණික නගරයයේ සහ අනෙකුත් නගරයන්ගේ විසූ ආදී ශ්‍රී ලාංකිකයන් මෝසම් සුළඟ උපකාරී කරගෙන උඳුන් වලට බලය ලබා ගැනීමට කටයුතු කරන ලදී,[57] මෙම උඳුන් ගොඩනගා තිබුනේ මෝසම් සුළඟේ සුළං බලය ලබාගත හැකි ආකාරයට, මෝසම් සුළඟ හමා යන ගමන් මාර්ගයේය, ඒ හරහා උඳුනේ අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක 1200 පමණ මට්ටමක විය.ඈත ඉතිහාසයේ මූලාශ්‍රයන් ට අනුව ප්‍රථම වරට ප්‍රාථමික මට්ටමේ සුළං මෝල ක් අරඹා ඇත්තේ පළමු ශතවර්ෂයේ දිය. [58] පසුකාලිනව 7 වන ශතවර්ෂයේ දි ප්‍රායෝගික සුළං මෝලක් ඇෆ්ගනිස්ථාන යේ, සිස්ටන් හිදී ඉදිවිය. පන් ගස් වලින් වියන් ලද කලා වලින් හෝ රෙදි අමුද්‍රව්‍ය යොදා ගනිමින් තටු 6 ක් හෝ 12 කින් යුක්ත සුළං මෝලවල් බඩ ඉරිඟු අඹරා ගැනීමට සහ ජලය ඇද ගැනීමටද භාවිතාකරනු ලබයි, එලෙසම උක් කර්මාන්තයේද දීත් යොදා ගනියි.[59] පසුකාලීනව 1180 දී වයඹදිග යුරෝපයේ තිරිඟු අඹරා ගැනීම සදහා තිරස් ලෙසට සෑදු සුළං මෝලවල් භාවිතා කරනු ලැබිය, මෙවැනි සුළං මෝලවල් තවමත් ලන්දේසින් විසින් භාවිතා කරයි.

විනෝද ක්‍රියා සදහා

ගොනුව:Launch of a hang glider.ogg
Foot-launching ක්‍රීඩාවේ වීඩියෝ පටයක්

සුළඟ යොදා ගනිමින් කරනා ජනප්‍රිය විනෝද ක්‍රීඩාවන් ලොව පුරා පවතී. එනම් hang gliding,උණුසුම් වායු බැලුනයේ ගමන් කිරීම , සරුංගල් යැවීම, snowkiting, kite landboarding, kite surfing, paragliding, රුවල් නැව් යාත්‍රා කරවීම සහ රළ මත ලිස්සා යෑම වැනි ක්‍රීඩා ඇතුලත් වේ.මෙවැනි ක්‍රීඩා කටයුතු වලදී සුළඟේ අනුක්‍රමණය භූමියට ගොඩබෑමේ ක්‍රියාවට සැලකිය යුතු බලපෑමක් ඉටු කරයි.[60]


ස්වාභාවික පරිසරය තුළ නිරූපණයන්

ශුෂ්ක දේශගුණයේ දී ඛාදනය ඇතිවීමට ප්‍රධාන සාධකය වන්නේ සුළඟයි.[61] සාමාන්‍ය සුළඟේ ගමන් කිරීම තුලින් කුඩා අංශුමය ද්‍රව්‍යයන්, එනම් දූවිලි වැනි දෑ සාගර හරහා කිලෝමීටර් දහස් ගණනක් දුර සුළඟ ආරම්භය වූ තැනින් ඈත්ව හමා යයි.[62] මෙය අවපාතය ලෙස හඳුන්වයි.

ඛාදනය

සිඟිති-රූපයක් තැනීමෙහිදී ඇතිවූ දෝෂය:
Altiplano, Bolivia හි සුළං ඛාදනයට හසුවූ පාෂාණයක නිරූපණය

සුළඟ හරහා ද්‍රව්‍යයන් ගමන් කිරීම ඛාදනයට හේතුවක් විය හැකිය. මෙහි ප්‍රධාන බලපෑම් දෙකකි. පළමුවන බලපෑම නම්, සුළඟ කුඩා අංශුම ද්‍රව්‍යයන් රැගෙන යාම සිදු කිරීම හරහා එම ද්‍රව්‍යයන් වෙනත් ප්‍රදේශයකට සුළඟ හරහා ගමන් කිරීම සිදුවේ.මෙය අවපාතය නම් වේ. දෙවන බලපෑම නම්, මෙම අවලම්බිත අංශුන් ඝන ද්‍රව්‍යයන් මත බලපෑම් එල්ල කරයි. ඒ හරහා එම ඝන ද්‍රව්‍යයන් සිරිමකට ලක් වීම තුලින් ඛාදනයට ලක්වේ (පාරිසරික අනුක්‍රමණය) සුළං ඛාදනය සාමාන්‍යයෙන් ඇතිවන්නේ ගස්කොළන් අල්ප ප්‍රමාණයක් සහිත හෝ ගස්කොළන් රහිත ප්‍රදේශයන් වලයි. එමෙන්ම ගස්කොළන් වර්ධනයට ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබෙන පාරිසරික තත්වයන් යටතේද සුළං ඛාදනය ඇතිවේ. (උදාහරණයක් ලෙස, මුහුදු වෙරළේ සහ කාන්තාරයේ වැලි කඳු නිර්මාණය)[63] සුළඟ නිසා ගංඟා මිටියාවත් වල තුනී වැලි තැන්පත් වේ,මෙය Loess නම් වේ. එම තුනී වැල්ල තට්ටු නොගැසුණු ආකාරයෙන් සමජාතියව පවතී. එලෙසම දිය රාවරයෙන්ද, පහසුවෙන්ම වෙන් කිරීමේ හැකියාවෙන් යුක්තවුත් , ලා පැහැති කහ වර්ණයක් හෝ පඬුවන් පැහැයෙන් යුත් රොන් මඩ වලින් සමන්විත වේ.[64] මෙය සාමාන්‍යයෙන් ඇතිවන්නේ විශාල ප්‍රදේශයක් වසා ගන්නා කළාලයක් පරිදෙනි.මෙම තුනී වැලි තැන්පතු සාරවත් පසක් ඇති කිරීමට දායක වෙන අතර ,[65] තුනී වැලි තැන්පතු ස්භාවිකව සිදු වන භූ විද්‍යාත්මක අස්ථායීතාවයන්ය. එලෙසම ඉක්මනින්ම සෝදා පාළුවට ලක්වෙන බැවින් ගොවින් විසින් සුළං බාධකයන් ලෙස ගස් සහ පඳුරු නිරන්තරයෙන්ම පැළ කරනු ලබන්නේ තුනී වැලි තැන්පතු සුළං ඛාදනයෙන් ආරක්ෂාකර ගැනීමටයි.[66]

කාන්තාර සුළං සංක්‍රමණය

ග්‍රීෂ්ම සෘතුව මැද භාගයේදී සහරා කාන්තාර යේ දුහුවිලි දකුණු පෙදෙසේ වෙළඳ සුළං හරහා ගොඩබිමේ පැතිරී යන විටදී , වර්ෂාපතනය අඩුවීමක් දක්නට ඇති අතර අහසේ වර්ණය නිල් පැහැයේ සිට සුදු පැහැය දක්වා වෙනසක් වේ, මෙලෙස කාන්තාර දුහුවිලි පැතිරී යාම තුලින් වාතයේ ගුණාත්මක බව ට සුළඟේ අඩංගු අංශුමය ද්‍රව්‍යයන් මගින් සෘණාත්මක බලපෑමක් ඇතිකරයි.[67] අප්‍රිකානු දුහුවිලි වලින් 50% කට වඩා ප්‍රමාණයක් එක්සත් ජනපදයේ ,ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපායි. [68] වර්ෂ 1970 කාල සිමාවේදී දුහුවිලි පැතිරී යාම වඩාත් අසතුටුදායක ලෙස ප්‍රබලව පැවතිය , එයට හේතුව වූයේ එම කාලසීමාව තුළ අප්‍රිකාවේ පවතී තදබල නියඟයයි. වසරෙන් වසර කැරබියන් සිට ෆ්ලොරිඩා දූහුවිලි පරිවහන කිරීමේ විශාල විචල්‍යතාවයක් දක්නට ලැබේ.[69] 1970 කාල සිමාවේ සිට දුහුවිලි සුළං හි ප්‍රතිඵලයක් ලෙස කැරබියන් සිට ෆ්ලොරිඩා හරහා ඇති කොරල් පරයන් ගේ සෞඛ්‍යයමත් බව ක්‍රමිකව පිරිහි තිබේ.[70]

ශාක මත වන බලපෑම

සිඟිති-රූපයක් තැනීමෙහිදී ඇතිවූ දෝෂය:
සුළඟේ ගසා ගෙන පැමිණි Tumbleweed වැටක් මත රැදී ඇති ආකාරය
ගොනුව:Tumbleweed in motion.webm
Tumbleweed හි චලිතය

සුළඟ මගින් බීජ ව්‍යාප්තිය සිදුවේ,සුළඟ බීජ ව්‍යාප්තිය සිදුකිරීමට උපකාරීවන ප්‍රමුඛතම මාර්ගයක් වේ. සුළඟෙන් වන ව්‍යාප්තිය ප්‍රධාන ලෙස කොටස් 02 කින් දැක්වේ: බීජයන් හට මඳ සුළඟේ පාවීයාමට හැකිවෙන අතර , ඒ හරහා පොළොවට පතිත වීමට හැකි වේ. [71] මෙයට ක්‍රමයට ඇති උදාහරණයක් වනුයේ, ඩැන්ඩලියන් මලේ තිබෙනා පිහාටු වැනි pappus ඒවායේ බීජ වලට සම්බන්ධ වී පැවතීම නිසා එම බිජ වලට වඩා වැඩි දුරක් සුළඟේ ගමන් කළ හැකිය එලෙසම මේපල් ශාකයේ බිජ වලට තටු ඇති බැවින් එම බිජ ද සුළඟේ පියඹා ගොස් පොළොවට පතිත වේ. සුළඟ මගින් බීජ ව්‍යාප්තිය සිදු වීමේදී සිදුවිය යුතු වැදගත් කරුණක් වන්නේ, සුළඟ මගින් බීජ ව්‍යාප්තිය සිදු කරනා ශාකයන් ගේ බිජ නිෂ්පාදනය ඉතාමත් විශාල වශයෙන් සිදුවිය යුතුය, විශාල බිජ ප්‍රමාණයක් සුළඟ හරහා ගමන් කිරීම තුලින් බිජ ප්‍රරෝහණය වීමට සුදුසු භූමියක පතිත විමට ඇති හැකියාව වැඩි වේ. [72]

සුළඟ ශාකයන්ගේ වර්ධනය බාල කරනු ලැබේ.මුහුදුබඩ කලාපයන් වල සහ හුදෙකලා වූ කඳු වල පවතින ගස් තීරයන් බොහෝවිට රට මැදෙහි වූ උස් ප්‍රදේශයන්ගේ පවතින ගස් තීරයන්ට වඩා පහතින් පිහිටයි . දැඩි සුළං තුලින් පස සෝදා පාළුවීමට ලක් වී තුළින් පස ඛාදනයට ලක් වේ,[73] එලෙසම ශාකයන් ගේ අතුඉති වලට හානි ද ඇතිවේ, ශාකයන් මුලින් උදුරාදැමීමටද මෙම දැඩි සුළං කටයුතු කරයි, මෙම ක්‍රියාවලිය Windthrow ලෙස හඳුන්වයි.[74]

සුළං වලින් ශාකයන් මතට වන තවත් බලපෑමක් ඇතිවන්නේ වැලි සිරීම් තුලින්ය. ප්‍රබල සුළං බුරුල් වැල්ල සහ මතුපිට පස ඇද ගනිමින් පැයට සැතපුම් 25-40 ක තරම් ඉතාමත් වේගයකින් හමායයි. [75] .[76]

සතුන් මත වන බලපෑම

හරක් සහ බැටළුවන් සුළඟේ සහ ශිත උෂ්ණත්වයේ එකතුවෙන් බිහි වෙන ශිත සුළඟ හට අනුවර්තනය වීමක් දක්වයි.[77] පෙන්ගුවියින් තම සිරුරේ මේද තට්ටුව හා අත්තටු උපකාරී කර ගනිමින් ජලයේදී සහ සුළගේ සීතලෙන් ආරක්ෂාකාරී වීමට කටයුතු කරයි, එලෙසම ඔවුන්ගේ පැතලි පාදයන් ද සීතලට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුක්තය. සීතලම කාලගුණය පවතින ඇන්ටාක්ටිකා වේ සිටිනා රාජ පෙන්ගුවියින් රංචු ගැසීමේ චර්යාවක් තුලින් සීතලට සහ සුළඟට මුහුණ දීමට කටයුතු කරයි.නිරන්තරයෙන් ම කණ්ඩායමෙන් බාහිර ව සිටිනා පෙන්ගුවියින් සාමාජිකයන් මාරුවෙන් මාරුවෙන්ට රංචු ගැසීමට පැමිණීම තුලින් උෂ්ණත්වය පහල බැසීම 50% කින් පමණ අඩු වේ.[78] සන්ධිපාදක වර්ගයන්ගේ උප කුලකයක් වන පියාඹන කෘමින් පැතිර පවත්නා සුළං හරහා වේගයෙන් පියඹා යති. එමෙන්ම පක්ෂීන්, ඔවුන්ගේම ක්‍රමයක් අනුගමනය කරමින් සුළගේ පවත්නා තත්වය වාසියක් ලෙස ලබාගෙන පියඹා යෑම හෝ ලිස්සා යාම සිදුකරනු ලබයි.[79]

පිකා නැමති කුඩා ක්ෂීරපායී සතුන්,කුඩා බොරළු කැට යොදාගනිමින් තනන ලද බැම්මක් මගින් ඔවුන්ගේ වියලි තෘණ වර්ග සහ වියලි ශාක වර්ග ශිත සෘතුවේ දී සුළගේ ගසා ගෙනයාම වලක්වාගෙන එම ආහාර ආරක්ෂා කර ගැනීමට කටයුතු කරයි.[80] ගෝනුන් හට අතිශයින්ම තියුණු ලෙස ගන්ධයන් හදුනා ගැනීමේ හැකියාවක් පවතී. ඔවුන් හට සුළග හමන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවේ මිටර් 800 ක පමණ දුරකින් සිටිනා විලෝපිකයන් හදුනා ගත හැකිය.[81]

සිදුවූ අලාභ හානි

ගොනුව:Destruction following hurricane andrew.jpg
Andrew හරිකේන් (වා සුළිය) මගින් වූ අලාභ හානි
ගොනුව:Hurricane Ike Gilchrist damage edit.jpg
Ike වා සුළිය මගින් Gilchrist නගරයට සිදුවූ හානිය

විශාල පරිමාණයේ සුළං තුලින් අලාභ හානි සිදුවිය හැක,අලාභ හානි සිදු වේද නොවේද යන්න රඳා පවතින්නේ සුළං වල ප්‍රබලතාවය මතය. කලාතුරකින් සුළං පහරවල් හේතු කොටගෙන දුර්වල ලෙස නිර්මාණය කර ඇති එල්ලෙන පාලම් පැද්දීමට ලක් වේ. සුළං පහරවල් එක හා සමාන ප්‍රබලත්වයකින් හා සමාන වාර ගණනකින් පාලම පැද්දීමට ලක් වෙනවා නම් එම එල්ලෙන පාලම ඉතා පහසුවෙන් විනාශයට ලක්වේ, එබඳු සිදුවීමක් Tacoma Narrows පාලම හා සිදුවිය.[82]සුළගේ වේගය 23 නාවික සැතපුම් (43 km/h) යක තරම් අඩු වේගයක පැවතුනත් එම සුළං වේගය මගින් විදුලි සැපයුම් සපයාලන විදුලි රැහන් මතට ගස් වල අතු පතිත කිරීම තුලින් බලශක්ති ප්‍රවාහය අඩාල වීම සිදුවේ.[83] කිසිදු ආකාරයේ විශේෂිත ශාක වර්ගයක් හරිකේන් සුළං බලයක් ඉදිරියේ නොවැටී මුහුණ දී සිටින බවට සහතික විය නොහැක, නො ගැඹුරැ මුල් සහිත ශාකයන් වැඩි වශයෙන් මුලින් උදුරා දැමීමේ හැකියාව ඇත.එලෙසම වඩාත් පහසුවෙන් කැඩෙන සුළු අලිගැටපේර වැනි ශාක වැඩි වශයෙන් හානියට පත් වීමේ ඉඩකඩ වැඩිය.[84] හරිකේන් සුළං හරහා ජංගම නිවාසය වලට දැඩි හානි සිදුවේ, එලෙසම ස්ථාවර ලෙස ඉදිකරන ලද නිවාසයන් පවා අත්තිවාරමෙන් ගලවා දැමීමට මෙම හරිකේන් සුළං ප්‍රබල වේ. නාවික සැතපුම් 135 (250 km/h) ඉක්මවා යන විට නිවාසයන් සම්පූර්න වශයෙන් විනාශයට පත්වේ,එලෙසම විශාල ගොඩනැගිලි වලටද සැලකිය යුතු හානියක් සිදුවේ. මිනිසා ගේ නිර්මාණයන් මුළුමනින්ම විනාශයට පත් කිරීමට නාවික සැතපුම් 175 (324 km/h) ඉක්මවා පවතින සුළං ප්‍රබල වේ. අලාබ හානි සිදුකරන නිවර්තන වා සුළි, ටෝනාඩෝ වැනි සුළං හි වේගය තක්සේරු කිරීමට Saffir-Simpson scale සහ Enhanced Fujita scale යන දර්ශකයන් නිර්මාණය කර තිබේ.

විශාලතම සුළං පහර සදහා වූ වාර්තාව ඕස්ට්‍රේලියාවේ Barrow Island දී 1996 අප්‍රියෙල් 10 වැනි දින 408 km/h (253 mph) වේගයකින් හමා ගිය ඔලිවියා නිවර්තන වා සුළිය විසින් උසුලයි.මෙම වාර්තාව මිට පෙර 1934 අප්‍රියෙල් 12 වන දින Mount Washington (New Hampshire) හිදී 372 km/h (231 mph) වේගයකින් හමා ගිය සුළග හට හිමිවී තිබුනි.[85][86]


බාහිර අවකාශයේ දී

සූර්ය සුළං , පෘථිවියේ සුළඟට වඩා බොහෝ සෙයින් වෙනස් වේ. සූර්යයාගෙන් සූර්ය සුළඟේ ආරම්භය සිදුවේ, සූර්ය සුළඟ සමන්විත වන්නේ සූර්යයාගෙන් වායුගෝලයෙන් ගිලිහි ගිය අංශු වලිනි. සූර්ය සුළඟ ට සමාන ලෙසින් ග්‍රහ සුළඟ සැහැල්ලු වායුන් ගෙන් සමන්විත විෙ.

ග්‍රහ සුළඟ

ගොනුව:Venuspioneeruv.jpg
ග්‍රහ සුළං මගින් අනාගතයේ දී පෘථිවියේ අැතිවිය] හැකි තත්වය

ග්‍රහලෝක වල ඉහළ වායුගෝලීය ස්ථරයේ පවත්නා ද්‍රවගතික සුළඟ සැහැල්ලු රසායනික මූලද්‍රව්‍ය වන හයිඩ්‍රජන් වලට exobase දක්වා ඉහල යාමට ඉඩ ලබා දේ, exosphere හි අවම මට්ටමේ දී වායුන් හට ප්‍රවේගයෙන් ගැලවී අනෙකුත් වායු අංශු හට බලපෑමකින් තොරව අභ්‍යවකාශය ට පැතිරයාමට හැකිවේ. මෙවැනි ආකාරයකට ග්‍රහලෝක වල සිට අභ්‍යවකාශය දක්වා වායුන් ගේ සිදුවන අහිමිවීම ග්‍රහ සුළඟ නම් වේ.[87]

සූර්ය සුළඟ

සාමාන්‍ය සුළඟකට වඩා සූර්ය සුළං හි අංශුවලින් සමන්විත ගලා යෑමක් පවතී. එම ප්‍රවාහයේ වැඩි වශයෙන්ම අන්තර්ගත වන්නේ ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන යන්ය. මෙම අංශු ධාරා උෂ්ණත්වය සහ ගමන් කරන කාලය තුළ පැවති වේගය අනුව විවිධාකාරවේ. මෙම අංශුන්ගේ අධික උෂ්ණත්වය නිසා, ඒවාට සුර්යයාගේ ගුරුත්වාකර්ෂණය මඟ හැරිය හැක.[88] සුර්ය සුළං මඟින් නිර්මාණය වන සුර්ය වායු ගෝලය, තාරකා අතර පවත්නා මාධ්‍යයෙන් සමන්විත සෞරග්‍රහ මණ්ඩලයෙන් ආවරණය වන ඉතා විශාල ගෝලයකි.[89] සුර්ය සුළඟ නිසා ඉහල වායු ගෝලය අයනීකරණය වීම වලක්වා ගැනීමට, ග්‍රහලෝකයන්ට විශාල චුම්බක ක්ෂේත්‍රයක් අවශ්‍යවේ. සුර්ය සුලඟ මඟින් සිදුවන අනෙකුත් සංසිද්ධිය නම්, පෘථිවිය මතුපිට ශක්තිය මුදා හළ හැකි භූ චුම්බක ධාරාවන්,[90] උත්තර ආලෝකයන් [91] වැනි අරෝරා සහ කොමෙට් හි ප්ලාස්මා වල්ග යනාදිය නිරන්තරයෙන් ම සූර්යයාගෙන් ඉවතට පිහිටීමයි.[92]


වෙනත් ග්‍රහ ලෝකයන් තුළ

පැයට කිලෝමීටර් 300 (190 mph) ප්‍රබලත්වයකින් යුත් සුළං සිකුරු ගේ වායුගෝලීය කලාපයේ සෑම පෘථිවී දින හතර පහක කාලයක් තුළ ඇතිවේ. [93] අඟහරු ගේ ධ්‍රැවයන් ශීත සෘතුවෙන් පසුව හිරු එළියට නිරාවරනය වන විට , මිදුණු CO2 ඌර්ධවපානනය කර , සුවිශේෂී සුළඟක් නිර්මාණය කරමින් 400 පැයට කිලෝමීටර් (250 mph) වේගයකින් හමා යයි. [94]

[95][96] [97] [98] [99][100][101]

මේවාත් බලන්න

සැකිල්ල:Columns-list

යොමුව

සැකිල්ල:Reflist

  1. සැකිල්ල:Cite web
  2. සැකිල්ල:Cite web
  3. සැකිල්ල:Cite web
  4. සැකිල්ල:Cite web
  5. සැකිල්ල:Cite web
  6. සැකිල්ල:Cite book
  7. සැකිල්ල:Cite web
  8. සැකිල්ල:Cite web
  9. සැකිල්ල:Cite web
  10. සැකිල්ල:Cite web
  11. සැකිල්ල:Cite web
  12. සැකිල්ල:Cite book
  13. The Physics of Wind Turbines. Kira Grogg Carleton College (2005) p. 8. (PDF). Retrieved 2011-11-03.
  14. සැකිල්ල:Cite web
  15. සැකිල්ල:Cite web
  16. සැකිල්ල:Cite web
  17. සැකිල්ල:Cite web
  18. සැකිල්ල:Cite web
  19. සැකිල්ල:Cite web
  20. සැකිල්ල:Cite web
  21. සැකිල්ල:Cite web
  22. සැකිල්ල:Cite web
  23. සැකිල්ල:Cite web
  24. සැකිල්ල:Cite web
  25. සැකිල්ල:Cite web
  26. සැකිල්ල:Cite journal
  27. සැකිල්ල:Cite journal
  28. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Trex නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  29. සැකිල්ල:Cite web
  30. සැකිල්ල:Cite web
  31. Kansas Wind Energy Project, Affiliated Atlantic & Western Group Inc, 5250 W 94th Terrace, Prairie Village, Kansas 66207
  32. සැකිල්ල:Cite web
  33. සැකිල්ල:Cite web
  34. සැකිල්ල:Cite web
  35. සැකිල්ල:Cite web
  36. සැකිල්ල:Cite web
  37. සැකිල්ල:Cite web
  38. සැකිල්ල:Cite web
  39. සැකිල්ල:Cite book
  40. සැකිල්ල:Cite book
  41. සැකිල්ල:Cite book
  42. සැකිල්ල:Cite web
  43. සැකිල්ල:Cite web
  44. සැකිල්ල:Cite web
  45. සැකිල්ල:Cite web
  46. සැකිල්ල:Cite web
  47. 47.0 47.1 47.2 සැකිල්ල:Cite book
  48. සැකිල්ල:Cite web
  49. සැකිල්ල:Cite book
  50. සැකිල්ල:Cite book
  51. සැකිල්ල:Cite web
  52. සැකිල්ල:Cite book
  53. සැකිල්ල:Cite book
  54. සැකිල්ල:Cite book
  55. සැකිල්ල:Cite web
  56. සැකිල්ල:Cite book
  57. සැකිල්ල:Cite journal
  58. සැකිල්ල:Cite journal
  59. සැකිල්ල:Cite book
  60. සැකිල්ල:Cite book
  61. සැකිල්ල:Cite web
  62. සැකිල්ල:Cite journal
  63. සැකිල්ල:Cite web
  64. සැකිල්ල:Cite journal
  65. සැකිල්ල:Cite book
  66. name=Erosion
  67. සැකිල්ල:Cite web
  68. සැකිල්ල:Cite web
  69. සැකිල්ල:Cite web
  70. සැකිල්ල:Cite web
  71. සැකිල්ල:Cite book
  72. සැකිල්ල:Cite journal
  73. සැකිල්ල:Cite journal
  74. සැකිල්ල:Cite journal
  75. ARS Studies Effect of Wind Sandblasting on Cotton Plants / January 26, 2010 / News from the USDA Agricultural Research Service. Ars.usda.gov. Retrieved 2011-11-03.
  76. සැකිල්ල:Cite web
  77. සැකිල්ල:Cite journalසැකිල්ල:භින්න වූ සබැඳි
  78. සැකිල්ල:Cite web
  79. සැකිල්ල:Cite web
  80. සැකිල්ල:Cite book
  81. සැකිල්ල:Cite bookසැකිල්ල:භින්න වූ සබැඳි
  82. සැකිල්ල:Cite book
  83. සැකිල්ල:Cite book
  84. සැකිල්ල:Cite web
  85. සැකිල්ල:Cite web
  86. සැකිල්ල:Cite web
  87. සැකිල්ල:Cite web
  88. සැකිල්ල:Cite web
  89. සැකිල්ල:Cite news
  90. සැකිල්ල:Cite journal
  91. සැකිල්ල:Cite web
  92. සැකිල්ල:Cite webසැකිල්ල:Dead link
  93. සැකිල්ල:Cite journal
  94. සැකිල්ල:Cite news
  95. NASA – NASA Mars Rover Churns Up Questions With Sulfur-Rich Soil සැකිල්ල:Webarchive. Nasa.gov. Retrieved 2011-11-03.
  96. සැකිල්ල:Cite web
  97. සැකිල්ල:Cite book
  98. සැකිල්ල:Cite journal
  99. සැකිල්ල:Cite journal
  100. සැකිල්ල:Cite journal
  101. සැකිල්ල:Cite journal
"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=සුළඟ&oldid=177" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි