පිටෝ නළය

testwiki වෙතින්
Jump to navigation Jump to search
ගුවන් යානා පියාසර වේගය මැනීමට පිටෝ නළ භාවිත කරයි. උදාහරණයක් ලෙස, එයාර් බස් A380 යානයක, පිටෝ නළයක් (දකුණේ) හා එය හැරෙන කෝණය වෙනස් කරන සුළං පෙත්තක් (වමේ) සම්බන්ධවූ නිශ්චල විවරයක්. සුළං හමන්නේ දකුණේ සිට වමටය.
පිටෝ නළ වර්ග
කමෝව් කා-26 හෙලිකොප්ටරයක පිටෝ නළයක්

පිටෝ නළය (සැකිල්ල:IPAc-en සැකිල්ල:Respell හෝ පිටොට් නළය) යනු තරල ප්‍රවාහයක ප්‍රවේගය මැනීමට භාවිතා කරන පීඩනය මැනීමේ උපකරණයකි. පිටෝ නළය සොයාගන්නා ලද්දේ ප්‍රංශ ජාතික ඉංජිනේරුවෙකුවූ හෙන්‍රි පිටොට් විසින් 18වන සියවසේ මුල් භාගයේදීය.[1] එය නූතන ආකාරයට සංවර්ධනය කළේ ප්‍රංශ ජාතික විද්‍යාඥයෙකු වූ හෙන්‍රි ඩාසි විසින් 19වන සියවසේ මැද භාගයේදීය.[2] එය ගුවන් යානාවල පියාසර වේගය නිශ්චය කරගැනීමට පුළුල්ව භාවිතාවේ එසේම, බෝට්ටුවක ජල වේගය, හා කර්මාන්ත යෙදවුම්වල ද්‍රව, වායු හා ගෑස් ප්‍රවාහ වල ප්‍රවේගය මැනීමට ද මෙය භාවිතාවේ. ප්‍රවාහ ධාරාවක දෙන ලද තැනක ප්‍රවාහයේ ස්ථානීය ප්‍රවේගය මැනීමට මෙය භාවිත වුවද නළය හෝ පීල්ල තුල ප්‍රවාහයේ සාමාන්‍ය ප්‍රවේගය මෙය භාවිත නොකරයි.[3]

ක්‍රියාකරන න්‍යාය

නළය කෙළින්ම තරල ප්‍රවාහයට ඇලිලීමෙන් මූලිකව පිටොට් නළය ක්‍රියාත්මක වේ. මෙම නලයේ තරලය ඇතිබැවින්, පීඩන මැනිය හැකිය; මෙහිදී චලනය වන තරලය නිශ්චල කර පිටවීම අවහිරවේ. මෙම පීඩනය තරලයෙන් ඇතිකරන නිශ්චල පීඩනයයි එය මුලු පීඩනය හෝ පිටොට් පීඩනය (ප්‍රායෝගිකව ගඟන ඉංජිනේරු විද්‍යාවේදී) ලෙසද හැඳින්වේ.

මනින ලද මුළු පීඩනය තනිව තරල ප්‍රවාහයේ ප්‍රවේගය (ගඟන ඉංජිනේරු විද්‍යාවේදී පියාසර වේගය) ගණනය කිරීමට භාවිත කල නොහැක. බර්නූලී සමීකරණය අනුව:

මුළු පීඩනය = ස්ථිතික පීඩනය + ගතික පීඩනය

එය පහත ආකාරයටද ලිවිය හැක

pt=ps+(ρu22)

තරල ප්‍රවාහය සඳහා ප්‍රවේගය යෙදීමෙන් අපට පහත සමීකරණය ලැබේ:

u=2(ptps)ρ

සටහන: ඉහත සමීකරණ යෙදිය හැක්කේ අසම්පීඩ්‍ය තරල සඳහා පමණි. තරලය සෑමවිටම සෑම තත්ත්වයක් යටතේම අසම්පීඩ්‍ය ලෙස මෙහිදී සලකයි. වායු ද නිශ්චිත තත්ත්ව යටතේ දළ වශයෙන් අසම්පීඩ්‍ය ලෙස සලකයි.

මෙහිදී:

  • u යනු m/s වලින් මනින ප්‍රවාහයේ ප්‍රවේගයයි;
  • pt යනු පැස්කල් වලින් මුළු පීඩනයයි;
  • ps යනු පැස්කල් වලින් ස්ථිතික පීඩනයයි;
  • එසේම ρ යනු kg/m3 වලින් තරලයේ ඝනත්වයයි.

මේවාත් බලන්න

මූලාශ්‍ර

සැකිල්ල:Reflist

බාහිර සැබැඳි

"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=පිටෝ_නළය&oldid=189" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි