ප්ලූටෝ

testwiki වෙතින්
Jump to navigation Jump to search

සැකිල්ල:Infobox Planet

ප්ලූටෝ (සංකේත: [1] සහ ;[2] 134340 Pluto) වශයෙන් නම් කර ඇති අතර එය සෞරග්‍රහ මණ්ඩලයේ දෙවන විශාලතම වාමන ග්‍රහලෝව වේ(ඒරිස්ට පසුව). එය සූර්යයා වටා සෘජුවම කක්ෂ ගතවී ඇති දසවැනි විශාලතම ග්‍රහලෝව වේ. එය මුලින්ම ග්‍රහලොවක් වශයෙන් හඳුනාගන්නා ලද මුත් ප්ලූටෝ දැන් හඳුන්වන්නේ (kuiper belt) කුයිපර් වළල්ලේ විශාලතම සාමාජිකයා වශයෙනි. කුයිපර් වළල්ලේ ඇති අනෙකුත් වස්තු මෙන්ම ප්‍රාථමිකව ගල් කැබලි හා අයිස්වලින් සැදී ඇති අතර එය සාපේකෂව ප්‍රමාණයෙන් කුඩාවේ සද මෙන් පහෙන් එකක ස්කන්ධයෙන් හා තුනෙන් එකක පරිමාවෙන් ප්ලූටෝ සමන්විත වේ. එයට අධික ලෙස විකේන්ද්‍රික හා ඇලවූ කක්ෂයක් තිබේ. විකේන්ද්‍රිකතාව. ප්ලූටෝ සූර්යයාගේ සිට නක්ෂත්‍ර ඒකක 30 – 49 (AU) (4.4 – 7.4 billion km) දුරකින් පිහිටි අතර එම නිසා ඇතැම් විට එය නෙප්චූන්ට වඩා සූර්යයාට ආසන්න වේ. ප්ලූටෝ හා එහි විශාලතම චන්ද්‍රයා වන කාරෝන් ද්විත්ව යුගලයක් ලෙස සලකයි මන්ද එවිට එම යුගල‍ෙය් පොදු ගුරුත්ව කේන්ද්‍ර වස්තු දෙකෙන් එකක් තුලවත් නොපිහිටයි.

අන්තර් ජාතික අභ්‍යවකාශ සංගමය [(International Astronomical Union (IAU)] විසින් ද්විත්ව වාමන ග්‍රහලෝකවලට අර්ථ දැක්වීමයක් තවමත් ඉදිරිපත් කර නොමැති අතර එය නීති‍යක් වශයෙන් ප්‍රකාශ වන ‍තෙක් පවතී. කාරෝන් ප්ලූටෝගේ චන්ද්‍ර‍යෙක් වන අතර 2005 දී සොයාගන්නා ලද තවත් කුඩා චන්ද්‍රයින් දෙ‍දෙනෙකු වන නික්ස් හා හයිඩ්‍රා ද ප්ලූටෝගේ චන්ද්‍රයන්‍ වේ.

1930 ප්ලූටෝ සොයාගැනීමේ සිට 2006 දක්වාම එය සෞරග්‍රහ මණ්ඩලයේ 9 වන ග්‍රහලොව විය. ඉන්පසු 20 වන සියවස අගභාගයේ දී හා 21 වන සියවස මුල් භාගයේ දී ප්ලූටෝට සමාන වෙනත් වස්තු විශාල ප්‍රමාණයක් සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට සොයාගන්නා ලදී. එහිදී විසිරුණු තැටියෙහි වූ ඒරිස්ගේ සොයාගැනීම සඳහන් කළ යුතු වේ. එය ප්ලූටෝ මෙන් 27% විශාල විය. 2006 අගෝස්තු 24වන දින IAU විසින් ග්‍රහලොවකට අර්ථ දැක්වීමක් සපයන ලදී. එහිදී ප්ලූටෝ එම අර්ථ දැක්වීමට අනුකූලව ක්‍රියා කිරීමට අපොහොසත් විය. එම නිසා එය වාමන ග්‍රහලොවක් වශයෙන් එරිස් හා සිරිස් සමග වෙන් කරන ලද අතර ඉන් පසුව ප්ලූටෝ කුඩා ග්‍රහලොවක් වශයෙන් නම්කොට 134340 අංකය ලබා දෙන ලදී.

සොයාගැනීම

'ලොවෙල්' (Lowell) සහ ඔහුගේ නිරීක්ෂණාගාරය 1905 සිට ඔහුගේ මරණය වන 1916 තෙක් මේ පිළිබදව පර්යේෂණ කළත් පලක් නොවීය. ඔහුගේ මිතුරෙකු පවසන පරිදි “X ග්‍රහලොව” ලෙස නම් කළ මෙම ග්‍රහලොව සොයාගැනීමට නොහැකි වීම පිළිබඳව ලොවෙල් තුළ වූ තදබල කළ කිරීම ඔහුගේ මරණයට හේතුවක් විය.

පර්සිවල් ලොවෙල්ගේ වැන්දඹුව වන කොන්ස්ටන්ස් ලොවෙල් පසුව ලොවෙල්ගේ අයිතිය ලබා ගැනීම වෙනුවෙන් නිරීක්ෂණගාරයෙන් ඩොලර් මිලියනයක මුදලක් ලබා ගැනීමට දශකයක් පමණ ගත වන නඩුවක පැටලිණි. එම නිසා X ග්‍රහලොව පිළිබඳ නිරීක්ෂණ ආරම්භ කිරීම 1929 තෙක් පමා විය. එම වර්ෂයේදී නිරීක්ෂකාගාර අධ්‍යක්ෂක “වෙස්ටෝ මෙල්වින් ස්ලීෆර්” විසින් X ග්‍රහලොව සොයාගැනීමේ කාර්යය වයස විසිදෙක වන “ක්ලඩ් ටොම්බෝ” නමැති කැන්සාස්හි ගොවිපලක වැඩුණු තරුණයෙකුට භාර දෙන ලදී. මොහු ලොවෙල් නිරීක්ෂණාගාරයට පැමිණි විගසම මෙම වගකීම භාර දුන් අතර මේ සඳහා ප්‍රධාන හේතුව වූයේ ටොම්බෝ අඳින ලද තාරකා විද්‍යා චිත්‍ර සටහනක් පිළිබඳව අධ්‍යක්ෂක “ස්ලීෆර්” තුළ වූ පැහැදීමයි.


“ටොම්බෝ”ගේ කාර්යය වූයේ සති දෙකක් තුළ ක්‍රම ක්‍රමයෙන් රාත්‍රී අහස විවිධ කොටස්වලට ජායාරූප ගතකොට රාත්‍රී අහස නිර්මාණය කිරීමයි. ඉන් පසු එම සෑම කොටසක්ම නිරීක්ෂණය කොට එම සති දෙක තුළ ස්වකීය පිහිටීම වෙනස් කළ වස්තූන් අධ්‍යයනය කිරීමයි. “බ්ලින්ක් කොම්පැරටර්” (blink comparator) නම් උපකරණය භාවිතා කර වේගයෙන් ඉදිරියට සහ පිටුපසට ජායාරූප වෙනස් කිරීම මගින් ස්වකීය පිහිටීම හෝ දර්ශකය වෙනස් කරන වස්තූන් පිළිබදව දර්ශනයක් නිර්මාණය කිරීමයි. 1930 පෙබරවාරි 18 දින ආසන්නව වසරක පමණ නිරීක්ෂණවලින් පසු “ටොම්බෝ” විසින් ජනවාරි 23 සහ 29 යන දින අතර ලබා ගත් ජායාරූප තල අතරින් පිහිටීම වෙනස් කරන වස්තුවක් සොයාගන්නා ලදී. ජනවාරි 20 ගන්නා ලද අඩු ගුණාත්මක භාවයෙන් යුතු ඡායාරූපයක් එය ස්ථිර කර ගැනීමට ඉවහල් විය එම ස්ථිර කර ගැනුමෙන් පසු ස්ලිෆර් වෙත ගිය ටොම්බෝ ප්‍රකාශ කර සිටියේ “ආචාර්ය ස්ලිෆර් , මම ඔබගේ X ග්‍රහලොව සොයාගත්තා” ලෙසය. තවදුරටත් ජායාරූප අධ්‍යයනය කර මේ පිළිබඳ තව දුරටත් තහවුරුකර ගැනීමෙන් පසු මෙම සොයාගැනීම පිළිබඳ විස්තර 1930 මාර්තු 30 දින හැවඩ් කොලේජ් නිරීක්ෂණාගාරය වෙත විදුලි පණිවිඩයකින් දන්වන ලදී. මෙම නව වස්තුව පසුව 1915 මාර්තු 19 දින ගන්නා ලද ජායාරූප වලද දක්නට ලැබූ බව පසුව හෙළි විය.

මෙම සොයාගැනීමෙන් අනතුරුව ප්ලූටෝගේ අතිශය ‍මද දීප්තභාවය සහ එහි ප්‍රමාණයෙන් කුඩා බව නිසා මෙය ලොවෙල් විසින් අධ්‍යයනය කළ X ග්‍රහලොවම විය හැකි බවට මතයක් පළ විය. 20 වන සියවසේ මැද භාගයේ කරන ලද ඇස්තමේන්තු අනුව ප්ලූටෝගේ ස්කන්ධය නිතරම අඩුවන ලෙසින් සංශෝධනය විය. 1978 දී ප්ලූටෝගේ චන්ද්‍රයෙකු වන “ඛාරෝන්” සොයාගැනීමත් සමග ප්‍රථමවරට ප්ලූටෝගේ මිණුම් ලබා ගැනීමට හැකිවිය. එහි ස්කන්ධය දළ වශයෙන් පෘථිවිය මෙන් 0.2% ප්‍රතිශතයක් වූ අතර යුරේනස්ගේ කක්ෂීය අපගමනයන් සඳහා හේතුවක් ලෙස හැඳින්වීමට නොහැකි තරම් මෙය ඉතා කුඩා ස්කන්ධයක් විය.



Appearance and surface

Pluto's visual apparent magnitude averages 15.1, brightening to 13.65 at perihelion.[3]

Notes

සැකිල්ල:Reflist

මූලාශ්‍ර

සැකිල්ල:Reflist

සැකිල්ල:සෞරග්‍රහ මණ්ඩලය

"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=ප්ලූටෝ&oldid=56" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි