ක්වොන්ටම් තත්ත්වය

testwiki වෙතින්
Jump to navigation Jump to search

ක්වොන්ටම් භෞතික විද්‍යාවෙහිදී, ක්වොන්ටම් තත්ත්වය යනුවෙන් අදහස් වන්නේ ක්වොන්ටම් පද්ධතියක තත්ත්වය වෙයි. තත්ත්ව දෛශිකය ලෙසින් හැඳින්වෙන, හිල්බට් අවකාශයෙහි දෛශිකයක් ලෙසින්, ක්වොන්ටම් තත්ත්වයක් දැක්වෙයි. නිදසුනක් ලෙසින්, හයිඩ්‍රජන් පරමාණුවක ඉලෙක්ට්‍රෝනයෙහි ශක්ති වර්ණාවලිය සැලකීමේදී, අදාළ තත්ත්ව දෛශිකය හැඳින්වෙන්නේ මූලික ක්වොන්ටම් අංකය {n} වෙතිනි. වඩාත් ආකූල අවස්ථාවක් සඳහා, ඊආර්ආර් පරික්ෂණයේ බෝම්ගේ සූත්‍රණය සලකා බලන අතර, මෙහිදී තත්ත්ව දෛශිකයට,

|ψ=12(||)

අංශුන් දෙකක් සඳහා සහබද්ධ බැමීම් තත්ත්වයන්හී අධිස්ථාපනය අදාළ වෙයි. [1]සැකිල්ල:Rp

වඩාත් පොදු ලෙසින් සැලකූ විට, ක්වොන්ටම් තත්ත්වයක් ශුද්ධ හෝ මිශ්‍ර හෝ විය හැක. ඉහත නිදසුන ශුද්ධ ගණයට අයත් වෙයි. ගණිතමය ලෙසින් ශුද්ධ ක්වොන්ටම් තත්ත්වයක් සැලකෙන්නේ, හිල්බට් අවකාශයක් තුල සංකීර්ණ සංඛ්‍යා මගින් වන අතර, මෙම නිරූපණය, වඩාත් සාමාන්‍යාකාර ත්‍රිමාන අවකාශයෙහි සාධාරණීකරණයක් වෙයි. [2]සැකිල්ල:Rp මෙම හිල්බට් අවකාශය, ශ්‍රිත අවකාශයක් ලෙසින් පෙන්නුම් කරයි නම්, එහි මූලිකාංග හැඳින්වෙන්නේ තරංග ශ්‍රිත ලෙසිනි.


ආශ්‍රිත

සැකිල්ල:ආශ්‍රලැයිස්තුව

"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=ක්වොන්ටම්_තත්ත්වය&oldid=182" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි