ඊජිප්තියානු ගණිතමය හම් පොතනුව

testwiki වෙතින්
Jump to navigation Jump to search

සැකිල්ල:තොරතුරුකොටුව අත්පිටපත

ඊජිප්තියානු ගණිතමය හම් පොතනුව (EMLR) යනු, 1858 වසරෙහිදී ඇලෙක්සැන්ඩර් හෙන්රි රයින්ඩ් විසින් මිලදී ගන්නා ලද 10 × 17 අඟල් (25 × 43 සෙමී) හම් පොතනුවකි.

1864 වසරෙහිදී, රයින්ඩ් ගණිතමය පැපිරසය සමගින් එය බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත යැවුනද, 1927 වසර වන තෙක් හම් පොතනුව රසායනික වශයෙන් මෘදුකරණය කොට දිග නොහරින ලදි (ස්කොට්, හෝල් 1927).

දකුණෙහි සිට වමට ලියන ලද මධ්‍ය රාජධානියෙහි හෛරාතික අක්ෂර වලින් මෙහි ලියැවිලි සමන්විත වෙයි. ශාස්ත්‍රඥයන් විසින් මෙම EMLR පොතනුව කාල නිර්ණය කරන්නේ ක්‍රියුපෙ 17වන සියවසට අයත් බවයි. [1]

ගණිතමය අන්තර්ගතය

මෙම හම් පොතනුව වනාහී ඊජිප්තියානු භාග ගණනය කිරීම සඳහා පිළියෙල කෙරුණු අත්වැලකි. වෙනත් ඒකක භාගයකට සමාන වන ඒකක භාගයන්ගේ ඓක්‍යයන් 26 ක් එයට අයත් වෙයි. තීරු දෙකක් තුල ඓක්‍යයන් දැක්වෙන අතර, එම ඓක්‍යයන්ම අඩංගු තවත් තීරු දෙකක් එයට අනුගාමී ලෙසින් දැක්වෙයි. . [2]

ඊජිප්තියානු ගණිතමය හම් පොතනුව [2]
තීරුව 1 තීරුව 2 තීරුව 3 තීරුව 4
110+140=18 130+145+190=115 110+140=18 118+136=112
15+120=14 124+148=116 15+120=14 121+142=114
14+112=13 118+136=112 14+112=13 145+190=130
110+110=15 121+142=114 110+110=15 130+160=120
16+16=13 145+190=130 16+16=13 115+130=110
16+16+16=12 130+160=120 16+16+16=12 148+196=132
13+13=23 115+130=110 13+13=23 196+1192=164
125+115+175+1200=18 148+196=132 125+115+175+1200=18
150+130+1150+1400=116 196+1192=164 150+130+1150+1400=116
125+150+1150=16 125+150+1150=16
19+118=16 19+118=16
17+114+128=14 17+114+128=14
112+124=18 112+124=18
114+121+142=17 114+121+142=17
118+127+154=19 118+127+154=19
122+133+166=111 122+133+166=111
128+149+1196=113 128+149+1196=113
130+145+190=115
124+148=116

ලැයිස්තුගත කර ඇති පරිමේය සංඛ්‍යාවන් 26 අතුරින්, දහයක් හොරස්ගේ ඇස සංඛ්‍යා වෙති: 1/2, 1/4 (දෙවරක්), 1/8 (තෙවරක්), 1/16 (දෙවරක්), 1/32, 1/64 යන්න ඊජිප්තියානු භාග බවට පෙරැලිනි. . තවද වෙනත් ඉරට්ටේ පරිමේය සංඛ්‍යා හතක් ඊජිප්තියානු භාග බවට පෙරැලිනි: 1/6 (දෙවරක් ලැයිස්තු ගතව–නමුත් එක් වරක් වැරදියට), 1/10, 1/12, 1/14, 1/20 සහ 1/30. අවසානයේදී, ඔත්තේ පරිමේය සංඛ්‍යා නවයක් ඊජිප්තියානු භාග බවට පෙරැලිණි: 2/3, 1/3 (දෙවරක්), 1/5, 1/7, 1/9, 1/11, 1/13 සහ 1/15, RMP 2/n වගුව ක්‍රමය උගැනීමට ලේකම් සිසුවන් හට පුහුණු නිදර්ශන.

සමතුල්‍ය ඒකක භාග ශ්‍රේණි ගණනය කලේ කෙලෙසද හා කුමකටද යන්න පිළිබඳ සඳහන් කිසිදු ප්‍රස්තාවනාවක් හෝ විස්තරයක් හෝ බ්‍රිතාන්‍ය කෞතුකාගාර පරික්ෂකවරුනට නොලැබුණි.

  1. ක්ලාගට්, මාර්ෂල්. ඒන්ෂන්ට් ඉජිප්ෂන් සයන්ස්: අ සෝර්ස් බුක්. වෙළුම 3: ඒන්ෂන්ට් ඉජිප්ෂන් මැතමැටික්ස්. ඇමරිකානු දර්ශනවේදී සමාජයෙහි නිබන්ධන 232. ෆිලඩෙල්ෆියා: ඇමරිකානු දර්ශනවේදී සමාජය, 1999, පිටු. 17–18, 25, 37–38, 255–257
  2. 2.0 2.1 ඇනෙට්ටේ ඉම්හවුසන්, ද මැතමැටික්ස් ඔෆ් ඊජිප්ට්, මෙසපොටේමියා, චයිනා, ඉන්ඩියා ඇන්ඩ්, ඉස්ලාම් යන කෘතියෙහි: අ සෝර්ස්බුක්, සංස්කරණය වික්ටර් ජේ. කට්ස් විසින්, 2007, පිටු. 21–22