ආන්තර වර්ධකය

testwiki වෙතින්
Jump to navigation Jump to search
ආන්තර වර්ධක සංකේතය
අපවර්තක සහ අනපවර්කත ප්‍රදානයන් වෙන් වශයෙන් හැඳින්වෙන්නේ "−" සහ "+" සංකේතයන් (පිළිවෙලින්) වර්ධක ත්‍රිකෝණය තුල බහාලීමෙනි. Vs+ සහ Vs− යනු බල සැපයුම් වෝල්ටීයතාවයන් වෙති; සරලීකරණය තකා මේවා සමහරවිටෙක රූපසටහනෙහි සඳහන් නොකොට අත්හරිනු ලබතත්, නියම පරිපථයෙහි අනිවාර්යයෙන්ම තිබිය යුත්තේමය.

ආන්තර වර්ධකයක් වනාහී, ප්‍රදානයන් ද්වයය අතර වෙනස කිසියම් නියත ගුණාකාරයකින් (ආන්තර ලාභය) වර්ධනය කරන්නාවූ ඉලෙක්ට්‍රොනික වර්ධක වර්ගයකි.

සිද්ධාන්තය

බොහෝ ඉලෙක්ට්‍රොනික උපකරණයන් තුල අභ්‍යන්තර වශයෙන් ආන්තර වර්ධකයන් භාවිතා වෙති. පරිපූර්ණ ආන්තර වර්ධකයක ප්‍රතිදානය පහත අයුරින් දැක්විය හැක:

Vout=Ad(Vin+Vin)

මෙහි Vin+ සහ Vin යනු ප්‍රදාන වෝල්ටීයතා වන අතර Ad යනු ආන්තර ලාභය වෙයි.
කෙසේවතුදු, සිරිත් ප්‍රකාර, ප්‍රදානයන් ද්වයයට ලාභය එක් අගයයක් නොවෙයි. මෙයින් හැ‍‍‍ඟෙනුයේ, නිදසුනක් ලෙස, Vin+ සහ Vin සමාන නම්, පරිපූර්ණ අවස්ථාවෙහිදී මෙන්, ප්‍රතිදානය ශුන්‍ය නොවන බවයි. ආන්තර වර්ධකයක ප්‍රතිදානය සඳහා වඩාත් යතාර්ථනිරූපිත ප්‍රකාශනයකට දෙවන පදයක් ද ඇතුළත් වෙයි.

Vout=Ad(Vin+Vin)+Ac(Vin++Vin2)

Ac හැඳින්වෙන්නේ වර්ධකයෙහි පොදු-ප්‍රකාර ලාභය ලෙසිනි.

"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=ආන්තර_වර්ධකය&oldid=130" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි