භූගෝලීය දුර

testwiki වෙතින්
Jump to navigation Jump to search

භූගෝලීය දුර වනාහී පෘථිවියෙහි පෘෂ්ඨය ඔස්සේ මනින ලබන්නාවූ දුර වෙයි. අක්ෂාංශ සහ දේශාංශ අනුසාරයෙන් අර්ථ නිරූපණය කර ඇති ලක්ෂ්‍යයන් අතර දුර ගණනය කිරීම සඳහා මෙම ලිපියෙහි ඇති සමීකරණ ඉවහල් වෙයි.

අමූර්තයක් බව

භූගෝලීය ඛණ්ඩාංකයන් අතර දුර ගණනය කිරීම යම් මට්ටමක අමූර්තයකට යටත් වෙයි; යමෙකු විසින් පෘථිවි පෘෂ්ඨයෙහි ඇති සෑම අවිධිමත්බවක්ම සැලකිල්ලට ගෙන මෙම ගණනය සිදුකිරීමට උත්සාහ ගතහොත් කවර දිනෙක හෝ ඉටු කර ගත නොහැකි හෙයින්, එය විසින් තථ්‍ය දුර ලබා නොදෙයි.[1] භූගෝලීය ලක්ෂ්‍යයන් අතර පෘෂ්ඨය සඳහා ප්‍රචලිත අමූර්තයන් වන්නේ:

  • පැතැලි පෘෂ්ඨය;
  • ගෝලීය පෘෂ්ඨය;
  • ඉලිප්සාභීය පෘෂ්ඨය.

උසෙහි වෙනස්කම් මෙම සියළු අමුර්තයන් විසින් නොසලකා හැර ඇත. පරිපූර්ණ පෘෂ්ඨයකට සාපේක්ෂව උසෙහි වෙනස්කම් සැලකිල්ලට ගනිමින් දුර ගණනය කිරීම මෙම ලිපියෙහිදී සාකච්ඡාවට බඳුන් නොවෙයි.

නාමකරණය

P1 සහ P2 යන්නාවූ ලක්ෂ්‍යයන් අතර, දුර, D ගණනය කෙරෙයි. (අක්ෂාංශය, දේශාංශය) යුගල වශයෙන් නිරූපණය කල කල්හී, ලක්ෂ්‍යයන් දෙකෙහි භූගෝලීය ඛණ්ඩාංක පිලිවෙලින්, (ϕ1,λ1) සහ (ϕ2,λ2), වෙයි. ලක්ෂ්‍යයන් දෙකෙන් කුමක් P1 ලෙස හැඳින්වෙන්නේද යන්න දුර ගණනය කිරීමෙහි ලා වැදගත් නොවෙයි.

සිතියම් තුල අක්ෂාංශ හා දේශාංශ ඛණ්ඩාංක සාමාන්‍යයෙන් නිරූපණය කෙරෙන්නේ අංශක අනුසාරයෙනි.

ආශ්‍රිත

සැකිල්ල:ආශ්‍රලැයිස්තුව

"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=භූගෝලීය_දුර&oldid=128" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි