නාභිය දුර

testwiki වෙතින්
01:39, 5 ජනවාරි 2021 වන විට imported>Shwetha (45.167.72.22 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Shwetha ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
Jump to navigation Jump to search
ධන (උත්තල) කාචයක, සෘණ (අවතල) කාචයක, අවතල දර්පණයක සහ උත්තල දර්පණයක නාභීය ලක්ෂ්‍ය (F) සහ නාභියේ දුර (f) මෙහි දැක්වෙයි.

ප්‍රකාශ පද්ධතියක නාභිය දුර එමගින් ආලෝකය අභිසරණය (නාභිගත කිරීම) හෝ අපසරණය (විසිරවීම) කරීමේ ශක්තිය පිලිබද මිනුමක් වෙයි. වඩා කෙටි නාභියේ දුරකින් යුත් පද්ධතියක ප්‍රකාශ බලය වඩා දිගු නාභීය දුරකින් යුත් පද්ධතියක එම අගයට වඩා ඉහළ වේ.

ඡායාරූපකරණය

ඡායාරූප කාචයක් අනන්තයට යොමු කළ විට එහි පසුපස නිෂ්පන්ද ලක්ෂ්‍යය නාභීය ලක්ෂ්‍යයේදී සේයා පටලයෙන් වෙනස් වේ. කැමරාවෙන් ඉතා ඈත පිහිටන වස්තු තියුණු ප්‍රතිබිම්බ තිරය මත සාදයි. ඇතැම් විට ඡායාරූප ශිල්පීන් ප්‍රතිබිම්බ තලය නාභීය තලය ලෙසද හඳුන්වයි. වස්තුව අනන්තයේ ඇති විට මේවා සමපාත වේ. නමුත් කුඩා වස්තු දුරවල් සඳහා නාභිය තලය ස්ථායි වේ. දුර ඇති වස්තුවක ප්‍රතිබිම්බයේ විශාලනය කාචයේ නාභී දුර මඟින් තීරණය කෙරේ.

කාචයේ නාභිය දුර f, ඉදිරිපස නිෂ්පන්ද ලක්ෂ්‍යයේ සිට වස්තුවට දුර S1, පසුපස නිෂ්පන්ද ලක්ෂ්‍යයේ සිට ප්‍රතිබිම්බයට දුර S2 ද නම් ,

1S1+1S2=1f.

S1 අඩුවන විට S 2 ද වැඩි විය යුතුය. උදාහරණයක් ලෙස නාභිදුර 50 mm වු සාමාන්‍ය 35 mm කැමරාවක් සලකමු. අනන්තයේ ඇති වස්තුවක් නාභිගත කිරීම සඳහා පසුපස නිෂ්පන්ද ලක්ෂ්‍ය S2 = 50 mm ස්ථානගත කළ යුතුය. නමුත් එක මීටරයක් ඈතින් ඇති වස්තුවක් නාභිගත කිරීම සඳහා කාචය 2.6 mm ක් ප්‍රතිබිම්බ තලයෙන් ඉවතට ගෙන යායුතු වේ. මේ අනුව S2 = 52.6 mm නාභිය දුර සාමාන්‍යයෙන් මිලිමීටර් වලින් සටහන් කරන අතර, ඇතැම් පැරණි කැමරාවල මෙය සෙන්ටිමීටර් හෝ අඟල් වලින්ද දක්නට ලැබේ. කැමරාව හසුකරගත හැකි පරාසය, නාභිය දුරත්, සේයා පටලයේ ප්‍රමාණයත් අතර අනුපාතය මත රඳා පවතී.

සැකිල්ල:Multiple image

කාචයේ දුර සේයා පටලයේ හෝ සංවේදකයේ විකර්ණයේ දිගට සමානනම් එය සාමාන්‍ය කාචයක් ලෙස හඳුන්වනු ලැබේ. මෙවැනි කාචයක දැකිය හැකි කෝණය අංශක 53 ක් පමණ වන අතර, මෙවැනි කාචයක නාභිය දුර 50 mm පමණ වේ. මීට වඩා දිගු නාභි දුරක් ඇති කාච ටෙලිෆෝටෝ කාච ලෙස හැඳින්වෙන අතර මේවායේ නාභි දුර 85 mm පමණ වේ.

35 mm සම්මතයේ ප්‍රසිද්ධිය හේතුකොට ගෙන සාමාන්‍යයෙන් කැමරා කාච පද්ධතියක නාභිය දුර 35 mm සමක නාභිය දුරට සාපේක්ෂව ප්‍රකාශ කරනු ලබයි. 35 mm සමක නාභිය දුර භාවිතය සංඛ්‍යාංක කැමරාවටද පොදු කරුණකි.

සටහන්

Focal length
"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=නාභිය_දුර&oldid=84" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි