ත්‍රිකෝණමිතියෙහි දළ විශ්ලේෂණය

testwiki වෙතින්
19:47, 19 අප්‍රේල් 2022 වන විට imported>Gihan Bro (ත්‍රිකෝණමිතිය යොදාගන්නෙ ඇයි දැයි කෙටි පැහැදිලි කිරීමක් .) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
Jump to navigation Jump to search

සැකිල්ල:Db-histmerge සැකිල්ල:පිටපත සංස්කරණය

ගොනුව:Triangle a1.JPG
මෙම සෘජුකෝණී ත්‍රිකෝණයේ : sin A = a/c; cos A = b/c; tan A = a/b.

සෘජුකෝණී ත්‍රිකෝණයක එක් කෝණයක් 90 වන නිසා වෙනත් කෝණයක් දන්නේ නම් එමගින් ඉතිරි කෝණය සෙවිය හැක. මන්දයත් ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි ඓක්‍යය 180 වන බැවිනි. එමනිසා සුළු කෝණ දෙකෙහි ඓක්‍යය 90 වන අතර ඒවා අනුපුරක කෝණ ලෙස හැදින්වේ. සෘජුකෝණී ත්‍රිකෝණයේ හැඩය සම්පුර්ණයෙන් නිර්ණය කරනු ලබන්නේ සමරූප්‍යතාවය තෙක්ම කෝණවලට අනුවයි. මින් අදහස් වන්නේ අනෙක් කෝණයන්ගෙන් එකක් දන්නා විට ත්‍රිකෝණයේ විවිධ පාදවල අනුපාතය ත්‍රිකෝණයේ ප්‍රමාණය මත පදනම් නොවී එකම අගයක් ගන්නා බවයි.එනම් ත්‍රිකෝණය කෙතරම් විශාලනයට ලක් වුවද කර්ණය, සම්මුඛ පාදය හා බද්ධ පාදය හා සම්බන්ධ නියමිත අනුපාතයන් නියතයකි.

මෙම අනුපාතයන් දන්නා A කෝණයක් සදහා වු පහත සඳහන් ත්‍රිකෝණමිතික අනුපාතයන් මගින් ලබාදේ. මෙහි a,b හා c යනු ඉහත පෙන්නුම් කරන රූපයේ පාද සදහා දී ඇති දිග යන් වේ.


  • සයින් ශ්‍රීතය අර්ථ දක්වනුයේ, කෝණයට සම්මුඛ පාදයේ දිග එහි කර්ණයේ දිගට දක්වන අනුපාතය ලෙසයි.
sinA=oppositehypotenuse=ac.


  • කොසයින ශ්‍රීතය (cus) අර්ථ දක්වනුයේ, බද්ධ පාදයේ දිග කර්ණයේ දිගට දක්වන අනුපාතය ලෙසයි.
cosA=adjacenthypotenuse=bc.


  • ටැංජන ශ්‍රීතය (tan) අර්ථ දක්වනුයේ සම්මුඛ පාදයේ දිග බද්ධ පාදයේ දිගට දක්වන අනුපාතය ලෙසයි.
tanA=oppositeadjacent=ab=sinAcosA.

කර්ණය යනු සෘජුකෝණි ත්‍රිකෝණයක සෘජුකෝණයට සම්මුඛ පාදයයි. එය ත්‍රිකෝණයේ දිගම පාදය වන අතර A කෝණයට බද්ධ පැතිදෙකෙන් එකකි. බද්ධ පාදය යනු A කෝණයට බද්ධ වන අනෙක් පාදයයි. සම්මුඛ පාදය යනු A කෝණයට සම්මුඛව ඇති පාදයයි. සමහර අවස්ථා වලදී සම්මුඛ පාදය හා බද්ධ පාදය පිලිවෙලින් අබිලම්භය හා ආධාරකය ලෙසද හදුන්වනු ලැබේ. සෘජු කෝණි ත්‍රිකෝණයේ කුමන පාද අතර අනුපාත සයිනය, කෝසයිනය හා ටැංජනයට සමානද යන්න පහසුවෙන් මතකයට ගැනීම සදහා බොහෝ පුද්ගලයින් ස.ක-බ.ක-ස.බ යන වචන පෙළ මතකයේ තබාගනී. ((Mnemonics) යටතේ පහත බලන්න)


මෙම ශ්‍රිතවල පරස්පර පිලිවෙලින් කෝසිකනය (csc හෝ cosec) සීකනය (sec) සහ කෝටැංජනය (cot) ලෙස නම් කරයි. මෙම ශ්‍රිත වල ප්‍රතිලෝම ශ්‍රිතයන්ට පිලිවෙලින් චාප සයිනය, චාපකෝසයිනය හා චාප ටැංජනය ලෙස හදුන්වනු ලැ‍බේ. මේවා අතර ත්‍රිකෝණමිතික සර්වසාමයන් ලෙස හැදින්වෙන අංක ගණිත සම්බන්ධතාවයන් පවතී.


යම් කෙනෙකුට අභිමත ත්‍රිකෝණයක් සම්බන්ධව අසනු ලබන සියලු ගැටළු වලට මෙම ශ්‍රිත සමගින් සයින් නියමය හා කෝසයින නියමය භාවිතයෙන් සැබවින්ම පිළිතුරු දිය හැක. මෙම නියමයන් භාවිතයෙන් ඕනෑම ත්‍රිකෝණයක පාද දෙකක් හා එක් කෝණයක් දී ඇති විට,හෝ කෝණ දෙකක් හා එක් පාදයක් දී ඇති විට හෝ ඉතිරි කෝණ හා පාද ගණනය කළ හැක. ජ්‍යාමිතියේදී සියලු බහු අස්‍ර පරිමිත ත්‍රිකෝණ සංඛ්‍යාවක එකතුවක් ලෙස විස්තර කල හැකි බැවින් මෙම නියම ජ්‍යාමිතියේ සියලු කොටස් වලදී ප්‍රයෝජනවත් වේ.