ශුද්ධ ලකුණු වේගය (ක්‍රිකට්)

testwiki වෙතින්
07:49, 27 ඔක්තෝබර් 2022 වන විට imported>BuddhikaW88 (විවේචන) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
Jump to navigation Jump to search

ශුද්ධ ලකුණු වේගය (NRR) යනු ක්‍රිකට් ක්‍රීඩාවේ කණ්ඩායම් කාර්ය සාධනය විශ්ලේෂණය කිරීමේදී භාවිතා කරන සංඛ්‍යානමය ක්‍රමයකි.[1] එය පාපන්දු ක්‍රීඩාවේ ගෝල වෙනසට අනුව ශ්‍රේණිගත කිරීමට සමාන සීමිත ඕවර ලීග් තරඟවලදී සමාන ප්‍රසාද ලකුණු ලබා ගත් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ බහුලව භාවිතා වන ක්‍රමයයි.

තනි ඉනිමක ශුලවේ යනු එම කණ්ඩායම ලබා ගන්නා ඕවරයකට සාමාන්‍ය ලකුණු, ඔවුන්ට එරෙහිව ලබා ගන්නා ඕවරයකට සාමාන්‍ය ලකුණු අඩු කිරීමයි. තරඟාවලියක ශුලවේ යනු කණ්ඩායමක් මුළු තරඟාවලිය පුරාම ලබා ගන්නා ඕවරයකට සාමාන්‍ය ලකුණු, සමස්ත තරඟාවලිය පුරාම ඔවුන්ට එරෙහිව ලබා ගන්නා ඕවරයකට සාමාන්‍ය ලකුණු අඩු කිරීමයි. මෙය සෑම තරගයකදීම ලබා ගත් ලකුණු අනුපාතයේ බර තැබූ සාමාන්‍යයට සමාන වේ.[2][3]

ධනාත්මක ශුලවේ යන්නෙන් අදහස් වන්නේ කණ්ඩායමක් සමස්ත ප්‍රතිවාදීන්ට වඩා වේගයෙන් ලකුණු ලබා ගන්නා අතර, සෘණ ශුලවේ යන්නෙන් අදහස් වන්නේ කණ්ඩායමක් තමන් මුහුණ දුන් කණ්ඩායම්වලට වඩා සෙමින් ලකුණු ලබා ගැනීමයි.[4] එබැවින් ශුලවේ හැකි තරම් ඉහළ මට්ටමක පැවතීම යෝග්‍ය වේ.

ශුලවේ තේරුම් ගැනීමට අපහසු ලෙස නිර්වචනය කර ඇත. එසේම, එය කණ්ඩායම් කෙතරම් ඉක්මනින් ලකුණු රැස් කරන්නේද සහ ලකුණු ලබා දෙන්නේද යන්න මනිනු ලබන අතර, මෙය කණ්ඩායම්වල ජයග්‍රහණ හෝ පරාජයේ මායිම් කොතරම් විශාලද යන්න කිසිසේත්ම සමාන නොවේ (එය අහිමි වූ කඩුලු නොසලකා හරින බැවින්), එබැවින් ශුලවේ විසින් ශ්‍රේණිගත කිරීම ඔවුන් ජයග්‍රහණයේ ප්‍රමාණය අනුව ශ්‍රේණිගත නොකරයි. මෙයින් අදහස් කරන්නේ ඉහළ ශුලවේ නිසා කණ්ඩායමක් තරඟාවලියක ඉදිරියට යන අවස්ථාවක සැබවින්ම ඔවුන් ප්‍රතිවාදීන්ට වඩා හොඳින් ක්‍රීඩා කර ඇතැයි සෑම විටම කිව නොහැක.[5]

ක්‍රිකට් ලෝක කුසලානයේදී, ශුලවේ හි පළමු භාවිතය 1992 සංස්කරණයේදී සිදු විය.[6] පෙර සංස්කරණ වල සම වූ අවස්තා වලදී සාමාන්‍ය ලකුණු වේගය භාවිතා කරන ලදී.[7]

පියවරෙන් පියවර පැහැදිලි කිරීම

සාමාන්‍ය ලකුණු වේගය යනු කණ්ඩායමක් ලබාගත් ලකුණු ගණන ඕවර ගණනින් බෙදීමෙන් එන සංඛ්‍යාවයි.

run rate =total runs scoredtotal overs faced

උදා:- "ඒ" කණ්ඩායම ඕවර 50 කදී ලකුණු 275 ක් රැස් කල අතර "බී" කණ්ඩායම ඊට පිළිතුරු ලෙස ඕවර 47 පන්දු 4 කදී ලකුණු 276 ක් ලබා ගනී.

"ඒ" කණ්ඩායමේ ලකුණු වේගය = 27550=5.5 "බී" කණ්ඩායමේ ලකුණු වේගය = 27647(46)=5.79

දැන් එම තරගයේ ශුද්ධ ලකුණු වේගය සොයමු.

ඒ ජයග්‍රහණය කල කණ්ඩායමේ ලකුණු වේගයෙන් පරාජිත කණ්ඩායමේ ලකුණු වෙගය අඩු කිරීමෙන් ලබා ගත හැක.

ශුද්ධ ලකුණු වේගය = 27647(46)27550=5.795.5=0.29

ඒ අනුව ජයග්‍රාහි කණ්ඩායමේ ශුලවේ 0.29 වන අතර පරාජිත කණ්ඩායමේ ශුලවේ එහි සෘණ අගය වන -0.29 ක් වේ.

මෙය ශුද්ධ ලකුණු වේගය ගණනය කිරීමේ සරලම පැහැදිලි කිරීම වන අතර ප්‍රායෝගික තත්ව මත ගණනය කිරීම් පහත පරිදි වෙනස් විය හැක.

ගණනය කිරීම් වෙනස් වන ආකාරය

සියලුම අවස්ථා සදහා එක් පැත්තකට ඕවර 50 බැගින් වන එක්දින ජාත්‍යන්තර නීති උපකල්පනය කරයි. සෑම විටම "ඒ" කණ්ඩායම පලමුවද "බී" කණ්ඩායම දෙවනුවද පන්දුවට පහරදෙන බවද උපකල්පනය කරන්න.

පලමුව පන්දුවට පහර දුන් කණ්ඩායම ජය ගැනීම (පලමු කණ්ඩායම ඕවර 50 ක්‍රීඩා කර)

"ඒ" කණ්ඩායම - 308/9 (ඕවර 50)

"බී" කණ්ඩායම - 278 (ඕවර 42.5)

3085027850=6.165.56=0.6

කණ්ඩායමක සියළු ක්‍රීඩකයන් ඕවර 50 ට පෙර දැවී ගියහොත් එම කණ්ඩායම ඕවර 50 ක්‍රීඩා කලසේ උපකල්පනය කර ගණනය කිරීම් සිදු කරයි.

ඒ අනුව ශුලවේ,

"ඒ" කණ්ඩායම 0.6

"බී" කණ්ඩායම -0.6

දෙවනුව පන්දුවට පහර දුන් කණ්ඩායම ජය ගැනීම (පලමු කණ්ඩායම ඕවර 50 ක්‍රීඩා කර)

"ඒ" කණ්ඩායම - 308/9 (ඕවර 50)

"බී" කණ්ඩායම - 309/5 (ඕවර 42.5)

30942.83330850=7.2146.16=1.054

ඒ අනුව ශුලවේ,

"බී" කණ්ඩායම 1.054

"ඒ" කණ්ඩායම -1.054

පලමුව පන්දුවට පහර දුන් කණ්ඩායම ජය ගැනීම (පලමු කණ්ඩායම ඕවර 50 පෙර දැවී ගොස්)

"ඒ" කණ්ඩායම - 308 (ඕවර 48)

"බී" කණ්ඩායම - 278 (ඕවර 42.5)

3085027850=6.165.56=0.6

කණ්ඩායමක සියළු ක්‍රීඩකයන් ඕවර 50 ට පෙර දැවී ගියහොත් එම කණ්ඩායම ඕවර 50 ක්‍රීඩා කලසේ උපකල්පනය කර ගණනය කිරීම් සිදු කරයි.

ඒ අනුව ශුලවේ,

"ඒ" කණ්ඩායම 0.6

"බී" කණ්ඩායම -0.6

දෙවනුව පන්දුවට පහර දුන් කණ්ඩායම ජය ගැනීම (පලමු කණ්ඩායම ඕවර 50 පෙර දැවී ගොස්)

"ඒ" කණ්ඩායම - 308 (ඕවර 48)

"බී" කණ්ඩායම - 309/5 (ඕවර 42.5)

30942.83330850=7.2146.16=1.054

ඒ අනුව ශුලවේ,

"බී" කණ්ඩායම 1.054

"ඒ" කණ්ඩායම -1.054

තරගය සම වීම

දෙපිලේම ශුද්ධ ලකුණු වේගය 0 වේ.

සංශෝධිත ඩ/ලු/ස් ඉලක්කය සමඟ වූ තරගයක

ඩක්වර්ත් ලුවිස් ක්‍රමය අනුව යැවූ ඕවර සංඛ්‍යාව අඩු කරන තරගවලදී, එම සංශෝධිත ඕවර කණ්ඩායම් දෙකටම ශුලවේ ගණනය කිරීමට ඉහත දක්වා ඇති ක්‍රම අනුව යොදා ගනී.

ප්‍රතිඵලයක් නොමැතිව තරගය අතහැර දැමූ විට

ක්‍රීඩාව නතර කරන විට කුමන අදියරක් පැවතියද, එවැනි ක්‍රීඩා වල ලකුණු ශුලවේ ගණනය කිරීම්වලට අදාල නොවේ.

ප්‍රතිඵලයක් නොමැතිව තරගය අවසන් වී ඩ/ලු/ස් ක්‍රමය මගින් ජයග්‍රාහක තීරණය කල විට

"ඒ" කණ්ඩායම - 254 (ඕවර 50)

"බී" කණ්ඩායම - 172/4 (ඕවර 30)

මේ අවස්ථාවේදී වර්ෂාව නිසා තරගය නතර කර ඩ/ලු/ස් ක්‍රමය අනුව ජයග්‍රාහකයා තීරණය කරන ලදී.

තරගය අත්හරින ඩ/ලු/ස් ක්‍රමය අනුව, කඩුලු 6ක් සහ ඕවර 20ක් ඉතිරිව තිබීම සම්පත්වලින් 44.6%කට සමාන වන බැවින් "බී" කණ්ඩායම එහි සම්පත්වලින් 55.4%ක් භාවිතා කර ඇත.

ඒ නිසා ඔවුන් ලබාගත යුතු ලකුණු ප්‍රමාණය වන්නේ, 254 x 55.4% = 140.716ක් නොහොත් 140කි. ඔවුන් මෙයින් ඉදිරියෙන් සිටින බැවින්, "බී" කණ්ඩායම ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබේ.

එවිට,

"ඒ" කණ්ඩායම ලකුණු වේගය = ("බී" ලබාගත යුතු ලකුණු/"බී" ක්‍රීඩා කල ඕවර ගණන) = 14030=4.667

"බී" කණ්ඩායම ලකුණු වේගය = ("බී" ලබාගත් ලකුණු/"බී" ක්‍රීඩා කල ඕවර ගණන) = 17230=5.733

ඒ අනුව ශුලවේ,

5.7334.667=1.067

"බී" කණ්ඩායම 1.067

"ඒ" කණ්ඩායම -1.067

තරගාවලියක ශුලවේ ගණනය කිරීම

තරගාවලියක ශුලවේ ගණනය කිරීම සිදු කරන්නේ එක් එක් තරගයේ ලැබූ ශුලවේ එකතු කිරීමෙන් නොවේ.

එම තරගාවලිය තුල කණ්ඩායම රැස් කල මුළු ලකුණු සංඛ්‍යාවෙන් ඔවුන් මුහුණ දුන් ඕවර ගණනෙන් බෙදා එන අගයත්, ප්‍රතිවාදින්ට දුන් ලකුණු ගණනෙන් ප්‍රතිවාදීන් මුහුණ දුන් ඕවර ගණනෙන් එන අගය අතර වෙනස කණ්ඩායමේ තරගාවලියේ ශුලවේ වේ.

එහිදී නියමිත් ඕවර ගණනට පෙර දැවීයාමකදී පෙර උදාහරණ වලට අනුව සම්පූර්ණ ඕවර ගණනද ඩ/ලු/ස් ක්‍රමය අනුව ජයග්‍රාහකයා තේරීමේදී අදාල ලකුණු සහ ඕවර ගණනද යොදා ගැනේ.

උදා:-

තරගය 1

"ඒ" කණ්ඩායම - 308/9 (ඕවර 50)

"බී" කණ්ඩායම - 278 (ඕවර 42.5)

"ඒ" කණ්ඩායමට ලකුණු 30ක ජයක්

තරගය 2

"ඒ" කණ්ඩායම - 272 (ඕවර 48)

"සී" කණ්ඩායම - 273/5 (ඕවර 42.5)

"සී" කණ්ඩායමට කඩුළු 3ක ජයක්

තරගය 3

"ඒ" කණ්ඩායම - 254 (ඕවර 50)

"ඩී" කණ්ඩායම - 172/4 (ඕවර 30)

"ඩී" කණ්ඩායමට ඩ/ලු/ස් ක්‍රමය අනුව ලකුණු 22ක ජයක්

ඒ අනුව "ඒ" කණ්ඩායමේ ශුලවේ,

308+272+14050+50+30278+273+17250+42.833+30=720130723122.833=0.348

විවේචන

ශුලවේ ජයග්‍රහණයේ ආන්තිකය නිවැරදිව පිළිබිඹු නොකරයි, මන්ද එය අහිමි වූ කඩුලු පිළිබඳ කිසිදු තැකීමක් නොගන්නා බැවිනි.

ඩ/ලු/ස් ක්‍රමය කණ්ඩායම්වලට ලකුණු, ඕවර සහ කඩුලු ලබා ගැනීම යන තුනම පිළිබද සැලකිලිමත්ට වන අතර ශුලවේ දී සැලකිල්ලට ගනු ලබන්නේ ලකුණු සහ මුහුණ දුන් ඕවර පමණි. එය දැවී ගිය කඩුලු ගැන තැකීමක් නැත. එබැවින්, පහසු ජයග්‍රහණයකට වඩා පටු ජයග්‍රහණයකින් ඉහළ ශුලවේ ලබාගත හැක.[8]

උදාහරණයක් ලෙස, 2013 චැම්පියන්ස් කුසලාන A කාණ්ඩයේ:

නවසීලන්තය විසින් ශ්‍රී ලංකාව ලකුණු 138කට දවා ගත් අතර පසුව ඔවුන් ඕවර 36.3කදී ලකුණු 139-9ට ළඟා වී යන්තමින් ජයග්‍රහණය කලේය. ඔවුන්ගේ ශුලවේ = (139/36.5) - (138/50) = 1.05 ක් විය.

එංගලන්තය ඕවර 50 කදී ලකුණු 293-7 ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව ඕවර 47.1 කදී ලකුණු 297-3 ට ළඟා වී තරගය ජයග්‍රහණය කලේය. ඔවුන්ගේ ශුලවේ = (297/47.167) - (293/50) = 0.44 ක් විය.

අවශ්‍ය ලකුණු ප්‍රමාණය පමණක් අඩු බව පෙනෙන විට කඩුලු රැක ගැනීම ගැන කිසිදු තැකීමක් නොකර පන්දුවට පහර දීමෙන් ශුලවේ උපරිම කිරීමට, ඕනෑවට වඩා ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩා කිරීමට මෙම කරුණ කණ්ඩායමක් දිරිමත් කළ හැකිය.[9]

යොමු කිරීම්