අවනතිය (ඉංජිනේරු විද්‍යාව)

testwiki වෙතින්
09:56, 30 නොවැම්බර් 2012 වන විට imported>Shwetha විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
Jump to navigation Jump to search

ඉංජිනේරු විද්‍යාවෙහිදී සහ ද්‍රව්‍ය විද්‍යාවෙහිදී, ද්‍රව්‍යයක අවනති ප්‍රබලතාවය හෝ අවනති ලක්ෂ්‍යය ලෙසින් අර්ථදැක්වෙන්නේ, එම ද්‍රව්‍යය සුවිකාර්ය ලෙසින් විරූප වීම ඇරඹෙන ප්‍රත්‍යාබලයයි. අවනති ලක්ෂ්‍යයට පෙරදී, ද්‍රව්‍යය විරූප වන්නේ ප්‍රත්‍යස්ථ ලෙසින් වන අතර යොදවා ඇති ප්‍රත්‍යාබලය ඉවත් කල විට එහි මුල් හැඩයට යළි පැමිණෙයි. අවනති ලක්ෂ්‍යය පසු කල විටදී, විරූපණයේ කිසියම් කොටසක් ස්ථීර වන අතර ප්‍රත්‍යාවර්ත්‍ය-නොවේ.


ප්‍රධාන ප්‍රත්‍යාබලයන්හි ත්‍රිමාන අවකාශයෙහි (σ1,σ2,σ3), අවනති ලක්ෂ්‍යයන් අනන්ත සංඛ්‍යාවක් එක්වී අවනති පෘෂ්ඨයක් තනයි.