සැකිල්ල:තෝරාගත් සේයාරුව/2011-04-03

testwiki වෙතින්
12:14, 12 මාර්තු 2011 වන විට imported>Lee විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
Jump to navigation Jump to search

ඡවි ආචරණය යනු සන්නායක් තුලින් ගමන් කරන ප්‍රත්‍යාවර්ත ධාරාවක් සන්නායකයේ අරටුව තුලින් ගමන් කරනවාට වඩා එහි පෘෂ්ඨයට කිට්ටුවෙන් ගමන් කිරීමට ඇති ලැදියාවයි. මේ අනුව ප්‍රත්‍යාවර්ත ධාරාවක් සන්නායකයක ඡවිය හෝ සිවිය හෝ සම හෝ තුලින් ගමන් කිරීමට ප්‍රවණතාවක් දක්වයි. මෙම ඡවි ආචරණය නිසාවෙන් ධාරවෙහි සංඛ්‍යාතය ඉහළ යෑම සමගින් සන්නාකයේ ඵලදායී ප්‍රතිරෝධය ඉහළ යයි. ඡවි ආචරණයට හේතුව ප්‍රත්‍යාවර්ත ධාරාව මගින් ඇතිකරන සුළි ධාරාවන්ය.

ඡවි-ගැඹුර δ යනු සන්නායකයක පෘෂඨයට පහළින් ප්‍රත්‍යාවර්ත ධාරාවකට කාවැදිය යා හැකි හෝ විනිවිද යා හැකි හෝ දුර පිළිබඳ මිනුමකි. සූක්ෂ්ම තරංග හෝ මයික්‍රොවේව් තරංග සන්නායකයක පෘෂ්ඨය අද්දරින්ම ඇති කොටසේ පමණක් ගලා යයි. එම සංඛ්‍යාත භාවිතා කරන පරිපථ කොටස් සිලින්ඩරාකාර ආකාරයට තැනේ.


Archive - More featured pictures...