නිවුටන් (ඒකකය)

testwiki වෙතින්
12:43, 11 මාර්තු 2013 වන විට imported>Legobot (Bot: Migrating 93 interwiki links, now provided by Wikidata on d:q12438 (translate me)) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
Jump to navigation Jump to search

නිවුටන් (සංකේතය: N) යනු, සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාව වෙනුවෙන් ඔහු සිදු කල කාර්යභාරය අගයමින් අයිසෙක් නිවුටන් අනුව යමින් නම් කෙරුනු බලය සඳහා SI ව්‍යුත්පන්න ඒකකය වේ.

අර්ථදැක්වීම

නිවුටනය යනු SI ක්‍රමය තුල බලය සඳහා ව්‍යුත්පන්න ඒකකය වේ; එය තුල්‍ය වන්නේ, කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තත්පරයට තත්පරයට මීටර එකක සීඝ්‍රතාවකින් ත්වරණය කිරීමට අවශ්‍ය බලයටය. මාන විශ්ලේෂණයෙහිදී, F=ma, m (කිග්‍රෑ) යන්න a (මී/තත්2) වෙතින් ගුණකිරීමට භාජනය වෙන බැවින්, නිවුටන්1 ඒකකයක මාන:[1]

1N=1kgms2

නිදසුන්

  • 1 N යනු, 102 ග්‍රෑ (සැකිල්ල:Frac කිග්‍රෑ) (කුඩා ඇපල් ගෙඩියක පමණ) ස්කන්ධයක් ඇති වස්තුවක් කෙරෙහි, පෘථිවියෙහි ගුරුත්වය ඇති කරන බලයයි.
  • පෘථිවි පෘෂ්ඨයෙහි දී, කිග්‍රෑ  1 ක ස්කන්ධයක්, දළ වශයෙන් 9.8 N [පහළට] (හෝ 1.0 කිලෝග්‍රෑම්-බලය; 1 කිග්‍රෑබ=9.80665 N අර්ථදැක්වීම ප්‍රකාර) බලයක් ඇති කරයි. කිග්‍රෑ  1 ක් 10 N වෙතට සංගත වෙන බවට සන්නිකර්ෂණය කෙරුම එදිනෙදා ජීවිතයෙහි සහ ඉංජිනේරු විද්‍යාවෙහිදී ආනුභූතික රීතියක් ලෙසින් භාවිතා කෙරේ.
  • ‍කිග්‍රෑ  70 ස්කන්ධයක් ඇති මානවයෙකු මත පෘථිවියෙහි ගුරුත්වය ඇති කරන බලය දළ වශයෙන් 686 N පමණ වේ.
  • බලයෙහි සහ විස්ථාපනයෙහි තිත් ගුණිතය නිපැයන්නේ යාන්ත්‍රික කාර්යය වේ. එබැවින්, SI ඒකක වලදී, 1 N බලයක් 1 මී දුරක් යෙදවූ කල 1 N•m කාර්යයක් සිදු කෙරේ. කාර්යය-ශක්තිය ප්‍රමේයය දක්වන්නේ යම් වස්තුවක් මත සිදුකෙරෙන කාර්යය එම වස්තුවෙහි ශක්තිය වෙනස් වීමට සමාන බවයි. 1 N•m = 1 J (ජූල්), එනම් ශක්තිය සඳහා SI ඒකකය.
  • බලය කිලෝනිවුටන් හෝ kN වලින් දැක්වීම සුලභ වන අතර, 1 kN = 1,000 N වේ.

ආශ්‍රිත

සැකිල්ල:ආශ්‍රලැයිස්තුව

"https://si.wiki.beta.math.wmflabs.org/w/index.php?title=නිවුටන්_(ඒකකය)&oldid=112" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි